මධුර මනෝහර හඩින් කවි ගායනයේ විස්කම් පෑ හේ, පාලි, සංස්කෘත , හින්දි, ඉංග්‍රීසි , ලතින් ආදී වශයෙන් වූ පෙර අපර දෙදිග භාෂා භාවිතයේ ප්‍රමාණික උගතෙකි.
1933 අගෝස්තු 07 වැනිදා ගල්කිස්සේදී උපත ලද ඔහු නමින් ලලිත් සුවිනීත මෛත්‍රීපාලය.
වචනාර්ථයෙන්ම සුවිනීත චරිතයක් වූ හේ ලංකේය ගුවන් විදුලි ශ්‍රාවකයා හදුනා ගන්නේ ලලිත් එස් මෛත්‍රීපාල නමිනි.
මෛත්‍රීපාල මූලික අධ්‍යාපනය ලබන්නේ ගල්කිස්ස ශ්‍රී පුණ්‍යකාමී විද්‍යාලයෙනි.ගල්කිස්ස ක්‍රිස්තුදේව විද්‍යාලයෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබන ලලිත් එස් මෛත්‍රීපාල වයස අවුරුදු 16 දී, බෞද්ධාචාර්ය විභාගය සමත් විය.