Tuesday, December 15, 2020

විජය කොරයා

 


ගල්කිස්ස ශාන්ත තෝමස් විද්යාලයේ කීර්තිමත් ආදී ශිෂ්යකු වන විජය කොරයා මහතා ලංකා ගුවන් විදුලියේ අතිශය ජනප්රිය ඉංග්රීසි නිවේදකයෙකි.
 
විජය කොරයා ලංකා ගුවන් විදුලි දෙපාර්තමේන්තුවට සම්බන්ධ වන්නේ 1964 වර්ෂයේ දීය.විජය කොරයා මහතා ගුවන් විදුලි ශ්රාවක ප්රජාව අතර ජනප්රිය වූයේ යම් සේද හේ ප්රසංග වේදිකාවේ ද ජනප්රිය නිවේදකයෙකි.
 
එකල ලංකා ගුවන් විදුලියේ ඉංග්රීසි වෙළද සේවයේ ප්රචාරය වූ සේවාදායක වෙළද වැඩසටහන් වල ජනප්රියම නිවේදකයා ය.
 
හේ ඉංග්රීසි පළමු සේවයේ ළමා වැඩසටහන් ද ඉදිරිපත් කර තිබේ.ඉංග්රීසි සංගීත වැඩසටහන් ඉදිරිපත් කිරීමේ දක්ෂතා දැක්වූ විජය කොරයා ලාංකේය කණ්ඩායම් සංගීතය ප්රචලිත කිරීමට ප්රමුඛ කාර්යභාරයක් ඉටු කලේය.
 
විශේෂයෙන්ම කණ්ඩායම් ගී ප්රසංග වේදිකාවේ ජනප්රියතම නිවේදක භූමිකාව නියෝජනය කල හේ 1960/70 දශකවල ජනප්රිය වූ කැරන්ස් විජේවර්ධන , ඇනස්ලි මාලේවන නෙවිල් ප්රනාන්දු , ත්රි සිස්ටර්ස් ලෙස ලාංකේය ශ්රාවක ප්රජාව හැදිනගත් ඉන්ද්රාණි පෙරේරා, මල්ලිකා පෙරේරා හා අයිරාංගනී පෙරේරා යන අය සේම ධර්මරත්න සහෝදරයෝ ආදී කණ්ඩායම් ගී ගායක ගායිකාවන් රටට හදුන්වා දුන් නිවේදකයා ය. 
 
විජය කොරයා යනු ලාංකේය ගුවන් විදුලි සංනිවේදනයේ ඉංග්රීසි ශ්රාවක ප්රජාව අතර පමණ නොව ගුවන් විදුලියේ සිංහල ශ්රාවක ප්රජාව අතර ද ජනප්රිය නිවේදකයකු වීම විශේෂත්වයකි. ඊට හේතුව විජය කොරයා සිංහල වෙළද සේවයේ ජනප්රිය වෙළද වැඩසටහන් කිහිපයකම සිංහල නිවේදන කටයුතු කිරීමයි.
 
1991 දී විජය කොරයා ශ්රි ගුවන් විදුලි සංස්ථාවේ අධ්යක්ෂ ජනරාල් ලෙස පත්විය .ඒ මහතා 1994 දක්වා එම තනතුරේ රාජකාරි කලේය.
 
ඉන්දික ජයරත්න

No comments:

Post a Comment