ගුවන් විදුලි නාට්‍ය වංශාවලිය පෝෂණය කළ හේ සොදුරු ආඥදායකයෙකි. ප්‍රගතිශීලී සමාජ දේශපාලන ව්‍යාපාරවල ඉදිරිගාමියකු වූ ඔහු නමින් සුගතපාල ද සිල්වා ය.
1928 අගෝස්තු මස 04 වැනිදා ඔහු උපත ලැබන්නෙව් . මාතර ,වැලිගම, මිදිගම දීය . සිංහල මෙන්ම මුස්ලිම් ජනතාව ද එකට ජීවත් වන මාතර වැලිගම වූ වාර්ගික සංහිඳියාව සුගතපාලට මානවහිතවාදී ජීවන චරිතයකට පදනම සකස් කලේය .
1960 දශකයේ දී හේ ගමෙන් කොළඹට සංක්‍රමණය විය. සිංහල ඉංග්‍රීසි ද්වි භාෂාවේ ප්‍රමාණික උගතෙකු වූ ඔහු නාට්‍ය කළාව පිළිබඳව දැක්වූයේ විශාල උනන්දුවකි.
සුගතපාල ද සිල්වා ගේ නාට්‍ය කණ්ඩායම "අපේ කට්ටිය " ලෙස හැදින්වීය. තට්ටු ගෙවල් , බෝඩිං කාරයෝ යනු ඔහුගේ, අපේ කට්ටියේ නාට්‍ය නිර්මාණයන් ය.
1960 දශකයේ දී සුගතපාලයන් ගුවන් විදුලියට සම්බන්ධ වන්නේ නාට්‍ය නිෂ්පාදකයකු වශයෙනි. ගුවන් විදුලි නාට්‍ය වංශාවලියේ ස්වර්ණමය යුගයක් එකළු කල සුගතපාල ද සිල්වා නම් නිර්මාණකරුවා ගුවන් විදුලි රගමඩල සහ සම්භාව්‍ය නාට්‍ය රාශියක් නිෂ්පාදනය කලේය.
සුගතපාල ද සිල්වා දක්ෂ ගුවන් විදුලි නාට්‍ය පිටපත් රචකයෙකි. හේ ගුවන් විදුලි කෙටි කතා හා ගුවන් විදුලි රහස් පරිෂක නාට්‍ය බොහොමයක පිටපත් රචකයා ය.
වැස්සවලාහක, රහස් පරීෂක නාට්‍ය මාලාව ඔහුගේ රචනයකි.අවුරංගා හා ගොම්මන් හෝරාව යනු ඔහු රචනාකල තවත් ගුවන් විදුලි රහස් පරික්ෂක නාට්‍ය කිහිපයකි . මෙහි නිෂ්පාදක ලෙස කටයුතු කර ඇත්තේ වජිර ඉන්දික කරුණාසේන මහතාය.
වේදිකාවේ සොදුරු ආඥදායකයෙක් වූ සුගතපාල ද සිල්වා ලේඛණ කලාවේද ප්‍රවීණයෙකි. පරිවර්තන සාහිත්‍යයේ ද දක්ෂතා ඔහු දක්ෂතා දක්වා ඇත. සිංහල පාඨක ප්‍රජාව අතර අතිශය ජනප්‍රිය හතරවන තට්ටුව , ඇටමැස්සා හා අමුතු ඉලංදාරියා යනු සුගතපාල ද සිල්වාගේ පරිවර්තන සාහිත්‍ය කිහිපයකි .
බිත්ති හතර, අසුර නිකාය, ඉන් ඉක්බිති සියල්ලෝ සතුටින් ජීවත් වූහ, බල්ලෝ බත් කති,එසේ වීනම් මිනිසුනේ අසව් යනු සුගතපාල සූරීන්ගේ සාහිත්‍ය නිර්මාණයන් ය.
2002 ඔක්තෝබර් 28 වැනිදා සුගතපාල ද සිල්වා සූරීන් ජීවන රගමඩල නිමා කලේය. ලාංකේය වේදිකා නාට්‍ය වංශ කතාව පෝෂණය කල, ගුවන් විදුලි නාට්‍ය වංශාවලිය සහ මෙරට සාහිත්‍ය පෝෂණය කල සුගතපාල ද සිල්වා සූරීන් ලාංකේය වේදිකා නාට්‍ය ප්‍රේක්ෂකයාගේ ද, ගුවන් විදුලි නාට්‍ය ශ්‍රාවකයාගේ ද සාහිත්‍ය පාඨයාගේ ද සිත්සතන් හි සදා අමරණීය චරිතයකි.
ඉන්දික ජයරත්න .
No comments:
Post a Comment