Friday, December 11, 2020

සෝමපාල පෙරේරා


ප්‍රවෘත්ති දැනගැනීම  පිළිබඳව ග්‍රහකයාට ඇත්තේ නොසන් සිදෙන උන්දුවකි. අතිශය දියුණු හා  තරගකාරි මාධ්‍ය විසින්  මොහොතෙන් මොහොත ප්‍රවෘත්ති යාවත්කාලීන කල කලද මීට වසර 50කට පමණ පෙර මෙරට ප්‍රවෘත්තිකරණයේ අතිශය දියුණු තාක්ෂණික ක්‍රමවේදයක් හෝ තරගකාරි මාධ්‍ය රටාවක් නොවිනි.ජ නතාවගේ ප්‍රවෘත්ති පිපාසය සංසිදුවා ලූ එකම විද්‍යුත් මාධ්‍ය වූයේ ජාතික ගුවන් විදුලිය පමණි.

එවන් සමයක කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයකුව හේ  පුහුණුවන ප්‍රවෘත්ති වාර්තා කරුවකු ලෙස ජාතික ගුවන් විදුලියට සම්බන්ධ වන්නේය .  ඒ 1973 වසරේ දීය. 

ජාතික ගුවන් විදුලියේ ස්වර්ණමය යුගය ලෙස සැලකිහැකි සමයක ගුවන් විදුලි වංශ කතාවේ සංනිවේදන  මහගෙදර ගුවන් විදුලි ප්‍රවෘත්ති අංශයට සම්බන්ධ වන මේ නිහඩ මිනිසා  පසු කලෙක ප්‍රවෘත්ති අංශයේ මුල් පුටුවට පත්වීමටත්  එහි වැඩිම කලක් රැදී සිටින්නටත් භාග්‍ය ලැබීය.

හේ නමින් සෝමපාල පෙරේරා ය. දෙවැනි ශ්‍රේණියේ වාර්තාකරුවෙකු ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන සෝමපාල පෙරේරා මහතා පලමු ශ්‍රේණියේ වාර්තාකරුවෙකු ,  ප්‍රධාන ප්‍රවෘත්ති වාර්තාකරු වශයෙන් ක්‍රමික උසස් වීම් ලබන්නේය .

1970 දශකයේ සිට මෙරට සිටි ජනාධිපතිවරු අගමැතිරුවරු ,මැති ඇමතීන්ගේ සිට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් වැදගත්කමක් ගන්නා බොහෝ සිද්ධීන් හී ඇසින් දුටු සාක්ෂිකරුවෙකු ලෙස සෝමපාල පෙරේරා මහතා ප්‍රවෘත්ති වාර්තාකරණයේ යෙදී තිබේ .

සිය මාධ්‍ය ජීවිතය තුල ආණ්ඩු පත්වීම් ආණ්ඩු මාරුවිම් පිළිබඳ සිද්ධීන් බොහෝමයක් සියැසින් දැක ඇති සෝමපාල පෙරේරා සූරීන්‍ ඒ සියල්ල ප්‍රවෘත්ති වලට ගලපා ඇත්තේ සිය වෘත්තීය අනන්‍යතාව මැනවින් ආරක්ෂා කරගනිමිනි.

ප්‍රවෘත්ති සංස්කාරක හා ප්‍රධාන ප්‍රවෘත්ති සංස්කාරක වශයෙන් ද කටයුතු කර ඇති  සෝමපාල පෙරේරා මහතා, 1994 ගුවන් විදුලි ප්‍රවෘත්ති මහ පුටුව හෙවත් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ තනතුරට පත්වන්නේය.

සිංහල , ඉංග්‍රීසි ද්වී භාෂාවෙන්ම ප්‍රවෘත්තිකරණයේ දක්ෂතා දක්වන සෝමපාල පෙරේරා මහතා පරිපාලනමය වශයෙන් ගුවන් විදුලියේ කවර තනතුරු දැරූව ද  ප්‍රවෘත්ති වාර්තාකරණය හා ප්‍රවෘත්ති සංස්කාරණයේ වූ සිය රාකකාරි බැදීම් කිසිවිට අත් නොහලේය.

ප්‍රවෘත්ති අධ්‍යක්ෂ තනතුර ට අමතරව හේ ගුවන් විදුලියේ ඉංග්‍රීසි සේවයේ අධ්‍යක්ෂ , සිංහල සේවා අධ්‍යක්ෂ , අධ්‍යාපන  සේවයේ අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කර තිබේ.

2000 වසරරේ දී ජාතික ගුවන් විදුලියේ ප්‍රවෘත්ති කාලීනව වැඩසටහන් හා ප්‍රාදේශීය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස  සෝමපාල  පෙරේරා මහතා පත් වන්නේ ය.

2001 - 2003 කාලයේ ගුවන් විදුලියේ අභ්‍යාස , පුහුණු හා  ශ්‍රවන පරියේ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ස්ථාන මාරුවීමකට ලක්වන සෝමපාල පෙරේරා මහතා 2004 දි ගුවන් විදුලියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලබන්නේ ය.

වසර 35 කට  වැඩි කාලයක් ප්‍රවෘත්ති අංශයේ හා ගුවන් විදුලියේ විවිධ තනතුරු හෙබවූ සෝමපාල පෙරේරා සූරීන්‍ ගුවන් විදුලි සංස්ථා සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ද  ප්‍රවෘත්ති අංශයේ උපදේශකයකු ලෙස කටයුතු කර තිබේ .

ලාංකේය ගුවන් විදුලි වංශ කතාවේ පුවත් පියස පෝෂණය කල සෝමපාල පෙරේරා මහතාගේ මෙහෙවර සිහිත් කරන්නේ හද බැදි ස්නේහයෙනි.

ඉන්දික ජයරත්න .

No comments:

Post a Comment