Wednesday, December 16, 2020

සිරිල් රාජපක්ෂ


ලාංකේය ගුවන් විදුලි වංශාවලියේ යම් ප්‍රතාපවත් හඩක් වන්නේද ඒ හඩ මාධුර්‍ය් සිරිල් රාජපක්ෂ නම් පූරක හඩ පව්‍ර්ෂයම වන්නේය.

ලංකා ගුවන් විදුලියට ම අනන්‍ය වූ සිරිල් රාජපක්ෂයන්ගේ හඩ මාධුර්‍ය් රටක් වසග කල හඩක් වන්නේය.

හේ 1934  අගෝස්තු 24 වැනිදා උපත ලැබීය. වත්තල හුණුපිටිය සිංහල පාසැලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබන්න සිරිල් රාජපක්ෂ ද්වීතියික අධ්‍යාපනය ලබන්නේ කැළණිය ධර්මාලෝක විද්‍යාලයෙනි.

 සිංහල හා ඉංග්‍රීසි ද්වි භාෂාවෙන්ම අධ්‍යාපන ලබන සිරිල් රාජපක්ෂයන්ට පාසැල් වියේ දීම මාධ්‍ය පිළිබඳ උනන්දුවක් ඇති වීමට එවකට ධර්මාලෝක විද්‍යාලයේ විදුහල්පති වශයෙන් කටයුතු කල , ලාංකේය පුවත්පත් වංශාවලියේ පතාක යෝධයකු වූ ඩි.බී.ධනපාලයන්ගේ ඇසුර ඉවහල් වන්නට ඇත .

පූර්ව අවස්ථා දෙකක දී ගුවන් විදුලි නිවේදක තනතුරට අයදුම්පත් යොමුකරන  සිරිල් රාජපක්ෂ හට එම අවථාව අහිමි වන්නේ ඉතාම අවසාවන්ත අයුරිනි.

දෛවෝපගතව ඔහු තෙවන වරට ඉදිරිපත් කල අයදුම්පත අනුව ලංකා ගුවන් විදුලියේ සහන නිවේදකයකු ලෙස පත්වීමට සිරිල් රාජපක්ෂ මහතාට අවස්ථාව හිමිවන්නේ 1957 දීය .

1959 මැයි මස 18 වැනිදා සිරිල් රාජපක්ෂ  ලංකා ගුවන් විදුලියේ ස්ථීර නිවේදක පත් වීම් ලබන්නේය.

නිවේදක කටයුතු වලට අමතරව හේ කතා සම්පාදකයෙක් , ළමා හා කාන්ථා වැඩසටහන් සම්පාදකයෙක් ප්‍රවෘත්ති සංස්කාරකවරයෙක්, ප්‍රවෘත්ති නිවේදකයෙක්, සජීව වැඩසටහන් විස්තර විචාරකයෙක්  වශයෙන් ද ලංකා ගුවන් විදුලියේ කටයුතු කර තිබේ.

1967 ජනවාරි 05 වැනිදා ලංකා ගුවන් විදුලි  දෙපාර්තමේන්තුව රාජ්‍ය සංස්ථාවක් බවට පත් වන අවස්ථාවේ සිරිල් රාජපක්ෂ මහතා එහි පළමු ශ්‍රේණියේ ස්ථිර නිවේදකයකු ලෙස උසස් වීම් ලබන්නේය .

ලාංකේය ගුවන් විදුලි වංශාවලියට ප්‍රාදේශීය ගුවන් විදුලි නාලිකා ජාලය ඒකරාශී වීමේදී , ලංකාවේ ප්‍රථම ප්‍රාදේශීය ගුවන් විදුලිය ලෙස 1979 දී රජරට ගුවන් විදුලිය ආරම්භ කිරීමට  පුරෝගාමි වන්නේ  සිරිල් රාජපක්ෂ සූරීන්‍ ය.

හේ ජාතික ගුවන් විදුලියේ ප්‍රථම ප්‍රාදේශීය සේවා අධ්‍යක්ෂවරයා. එලෙසම හේ රජරට ප්‍රාදේශීය  ගුවන් විදුලියේ  ප්‍රථම අධ්‍යක්ෂවරයා ද වන්නේය .

කඩිනම් මහවැලි ව්‍යාපාරය ආරම්භ වීමටත් සමග නව මහවැලි ජනපද වල පදිංචි ජන ප්‍රජාවන්ගේ  ජීවන තත්වයන්හි හා සාමාජීය ජනජීවිතයන්හි ගුණාත්මක වැඩි දියුණුවක් අපේක්ෂා කරමින් මහවැලි ප්‍රජා ගුවන් විදුලි සේවා  ආරම්භ වූයේය.

ලාංකේය ප්‍රජා ගුවන් විදුලි ක්‍රමයේ නිර්මාතෘවරයා සිරිල් රාජපක්ෂ මහතා ය .අද ද ජනසංනිවේදන  විෂය හදාරන විද්‍යාර්ථයින් මෙන්ම ජනමාධ්‍ය පරියේෂකයන් ද වඩාත් උනන්දු වන විෂය ශේක්ත්‍රයක් වන්නේ ප්‍රජා ගුවන් විදුලි සේවාවයි. 

ජන ප්‍රජාව විසින් පවත්වාගෙන යන ගුවන් විදුලි ව්‍යුහයක් ලෙස ප්‍රජා ගුවන් විදුලි  සේවාව ආරම්භ වූ අතර   දුෂ්කරතා සහිත  ප්‍රදේශවලින් දක්ෂතාවන්ගෙන් පිරිපුන්   සංනිවේදකයින් බොහොමයක්  බිහිවීමට ප්‍රජා ගුවන් විදුලිය අපූරු තිඹිරි ගෙයක්  වූයේය.

ජාතික ගුවන් විදුලියේ සිංහල සේවා අධ්‍යක්ෂවරයා ලෙසද කටයුතු කර ඇති සිරිල් රාජපක්ෂ මහතා මෙරට ගුවන් විදුලි වංශාවලිය තුල වදන් සිත්තමින් හා වැඩසටහන් නිර්මාණයකරණයෙන් පෙලහැර පෑ  අපූරු සංනිවේදකයෙකි.

පුරා වසර 32 ක් ජාතික ගුවන් විදුලියේ සේවය කල සිරිල් රාජපක්ෂයන් ගුවන් විදුලි මහ ගෙදරට සමුදෙන්නේ 1991 දීය. වර්ෂ 2003 වූ අප්‍රේල් 17 වැනිදා  සිරිල් රාජපක්ෂයෝ සිය ජීවන ගමන නිමා කලහ.

ඉන්දික ජයරත්න 

No comments:

Post a Comment