Tuesday, December 22, 2020

ලලිත් එස් මෛත්‍රීපාල

 


මධුර මනෝහර හඩින් කවි ගායනයේ විස්කම්  පෑ හේ, පාලි, සංස්කෘත , හින්දි, ඉංග්‍රීසි ,  ලතින් ආදී වශයෙන් වූ පෙර අපර දෙදිග භාෂා භාවිතයේ ප්‍රමාණික උගතෙකි.

1933   අගෝස්තු 07 වැනිදා ගල්කිස්සේදී උපත ලද ඔහු  නමින් ලලිත් සුවිනීත මෛත්‍රීපාලය.

වචනාර්ථයෙන්ම සුවිනීත චරිතයක් වූ හේ ලංකේය ගුවන් විදුලි ශ්‍රාවකයා හදුනා ගන්නේ ලලිත් එස් මෛත්‍රීපාල නමිනි.

මෛත්‍රීපාල මූලික අධ්‍යාපනය ලබන්නේ ගල්කිස්ස ශ්‍රී පුණ්‍යකාමී විද්‍යාලයෙනි.ගල්කිස්ස ක්‍රිස්තුදේව විද්‍යාලයෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබන  ලලිත් එස් මෛත්‍රීපාල වයස අවුරුදු  16 දී, බෞද්ධාචාර්ය විභාගය සමත් විය.

Monday, December 21, 2020

මහගම සේකර

 


ගීතය , කවිය , නවකතාව , කෙටි කථාව, චිත්‍ර කළාව   හා සිනමාව ඇතුළු  කලා ශේක්ත්‍රවල විස්කම් පෑ හේ වචනාර්ථයෙන්ම සකල කළාවටම අධිපති  සරසවි දෙවගනගේ අපූරු නිමවුමක් යැයි කිවහොත් නිවරදි ය. 

ඔහු නමින් මහගම සේකර නම් වේ. 1929 අප්‍රේල් 07 දින ගම්පහ දොම්පේ මගගම දී උපන් සේකර මූලික අධ්‍යාපනය ලබන්නේ  කිරිදිවැල මහා විද්‍යාලයෙනි.

කුඩා කල සිටම කළා කටයුතු වලට  දැක්වූ සේකර දැක්වූ  මේ අපූරු දක්ෂතාවය පෙර සසර පුරුද්දක් වැනිය.කෙනෙකුගේ ගුරුහරුකම්, ඉගැන්වීම් වලින් තොරව  සේකර කළා නිර්මාණකරණය සදහා දැක්වූ දක්ෂතාවය විශ්මය ජනකය.

මොහාන් සමරනායක



70 දශකය අගභාගයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් පිටවූ මේ තරුණ උපාධිධාරීයා දෙස් විදෙස් ප්‍රවෘත්තිකරණයේ අති දක්ෂයෙකි.

හේ ශ්‍රි ලංකා ගුවන් විදුලියේ ප්‍රවෘත්ති අංශයට සම්බන්ධ වන්නේ සහකාර ප්‍රවෘත්ති සංස්කාරකවරයෙක් වශයෙනි ඒ 1980 වර්ෂයේ ය.

කලුතර අගලවත්තේ උපන් ඔහු නමින් මොහාන් සමරනායක ය. විද්‍යුත් මාධ්‍ය වංශ කතාවේ 70/80  දශක යනු ගුවන් විදුලිය මෙරට ග්‍රාහක ප්‍රජාව අතර ජයකෙහෙළිය නැංවූ අවධිය යි.  ගුවන් විදුලි ඒකාධිකාරය ගුවන් විදුලි සංස්ථාව සතුවූ අතර, සියලු තොරතුරු ශ්‍රාවකයාට සංනිවේදනය කල එකම මාධ්‍ය වූයේ ද ගුවන් විදුලිය යි.

එවක ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති අංශය වැනි අතිශය සංකීර්ණ ස්ථානයක රැකියාවක් කිරීම ද  අතිශය බැරෑරුම් කටයුත්තකි.

නමුත් මොහාන් සමරනායක මහතා සහකාර ප්‍රවෘත්ති සංස්කාරක රාජකාරි අභියෝග, අභියෝගාත්මකව බාරගත් මාධ්‍යවේදියෙකි.

Sunday, December 20, 2020

සුනන්ද මහේන්ද්‍ර

 


ලංකා ගුවන් විදුලියේ සංගීත අංශයේ නිබන්ධන සම්පාදකයෙක් වූ හේ ලේඛකයෙකි. කවියෙකි. සාහිත්‍යධරයෙකි. වැඩසටහන් සම්පාදකයෙකි.අති දක්ෂ සංනිවේදකයෙකි. 

1971 කැරැල්ලෙන් පසු වෘත්තීය පාදක විශ්ව විද්‍යාල අධ්‍යාපන ක්‍රමයක් පිළිබඳ අවධානය යොමුවිය . එහි ප්‍රතිඵල ලෙස රැකියා වෙළද පොල ඉලක්ක කල විෂයක් ලෙස  ජනසංනිවේද විෂය විශ්ව විද්‍යාල අධ්‍යාපනයට හදුන්වා දීම සිදුවන්නේය.ඒ  1972 දී පමණය.ඒ අනුව  1973දී කැළණිය විශ්ව විද්‍යාලයේ  ජනසංනිවේදන  විෂය ඉගැන්වීමේ ප්‍රමුඛාචාර්‍යවරයා වූයේ ඔහුය. හේ සුනන්ද මහේන්ද්‍ර නම් විය.

Thursday, December 17, 2020

සරත් විමලවීර


ගුවන් විදුලියේ ගීත නාටක වැඩිම ප්‍රමාණයක් ලියූ  රචකයා  කවුරුන් විය හැකිද?. ගුවන් විදුලි වංශාවලියේ ඒ වාර්තාව තබා ඇත්තේ අන් කවුරුන් හෝ නොව , සරත් විමලවීර සූරීන්‍ ය.

1927 නොවැම්බර් 27 වැනිදා සරත් විමලවීර උපත ලබන්නේ කඩුවෙල හංවැල්ලේ දීය. සරත් විමලවීර ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ කැළණිය ගුරුකුල විද්‍යාලයේ ය.  ලාංකේය බෞද්ධ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය වූ කොළඹ ආනන්දයෙන් හේ ද්වීතියික අධ්‍යාපනය ලබා ඇත.

තිලක් ජයරත්න



ගුවන් විදුලි වංශාවලිය නවමු මාවතකට ප්‍රවේශ කරවූ මාධ්‍ය චරිත අතුර ප්‍රමුඛයා ලෙස හැදින්වීය හැක්කේ තිලක් ජයරත්නයන්‍ ය.

තිලක් ගුවන් විදුලියට සම්බන්ධ වන්නේ 1960 දශකය අගභායේ  හා 1970 දශකය මුල් භාගය අතරතුරදී ය.

ගුවන් විදුලියට  ක්‍රියාකාරී  සහයකයකු ලෙස සම්බන්ධ වන තිලක්ගේ මුල් රාජකාරිය වන්නේ වැඩසටහන් පටිගත කිරීම ,  වැඩසටහන් සංස්කරණය කිරීම ආදිය යි.

ක්‍රියාකාරී සහයකයකු වූ හේ ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදකයකු ලෙස පසුව පත්වීම් ලබන්නේය.

නිර්මාණාත්මක වැඩසටහන්කරණය පිළිබඳ උනන්දුවක් දක්වන තිලක් වාර්ථාංග හා ගවේෂණාත්මක වැඩසටහන් සම්පාදනය පිළිබඳ උනන්දුවක් දැක්වූයේ ය.

ජාතික ගුවන් විදුලිය නව දිශානතීයකට යොමුකල 1990 දශකය  මුල් භාගයේ ආරම්භ වූ නව අධ්‍යාපන සේවයේ නිර්මාතෘවරයා තිලක් ජයරත්නය. සාම්ප්‍රදායික විධිමත් අධ්‍යාපන වැඩසටහන් ක්‍රමවේදය වෙනුවට උසස් නිර්මාණාත්මක ගුණයෙන් යුතු නොවිධිමත් නව අධ්‍යාපන වැඩසටහන් හදුන්වා දීමේ පුරෝගාමියා තිලක් ජයරත්නයෝ ය.

1994 සිදුවූ ආණ්ඩු පෙරලිය හා ගුවන් විදුලි මාධ්‍ය කර්මාන්තයට පුද්ගලික මාධ්‍ය ආයතන ප්‍රවේශ වීමත් සමග මෙරට රාජ්‍ය මාධ්‍ය ඒකාධිකාරය ක්‍රමිකව අහෝසි විය.

ඩෝල්ටන් අල්විස්

 


ලාංකේය ගීත සාහිත්‍ය , නිර්මාණාත්මක ලේඛණ සාහිත්‍ය  පෝෂණය කල අද්විතීය සාහිත්‍යධරයකු ලෙස ඉතිහාසයයේ රන් පත්තිරු අතරට ස්වකීය නාමය  එක්කල සාහිත්‍යධරයෙකි, ඩෝල්ටන් අල්විස්.

1927  දෙසැම්බර් 07 වැනි දින ගාල්ල බෙන්තර දී, ඩෝල්ටන් අල්විස් උපත ලබන්නේය.  ඔහු දෙමටගොඩ අනුරුද්ධ බාලිකාවේ ( වර්තමානයේ  හදුන්වන නම ) ප්‍රාථමික අධ්‍යාපනය ලැබීය. ද්වීතියික අධ්‍යාපනය සදහා ඩෝල්ටන් අල්විස් ඇතුලත් වන්නේ ,  ලංකාවේ ප්‍රධානතම බෞද්ධ විද්‍යාලයක් වන කොළඹ ආනන්ද විද්‍යාලයට ය.

Wednesday, December 16, 2020

සිරිල් රාජපක්ෂ


ලාංකේය ගුවන් විදුලි වංශාවලියේ යම් ප්‍රතාපවත් හඩක් වන්නේද ඒ හඩ මාධුර්‍ය් සිරිල් රාජපක්ෂ නම් පූරක හඩ පව්‍ර්ෂයම වන්නේය.

ලංකා ගුවන් විදුලියට ම අනන්‍ය වූ සිරිල් රාජපක්ෂයන්ගේ හඩ මාධුර්‍ය් රටක් වසග කල හඩක් වන්නේය.

හේ 1934  අගෝස්තු 24 වැනිදා උපත ලැබීය. වත්තල හුණුපිටිය සිංහල පාසැලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබන්න සිරිල් රාජපක්ෂ ද්වීතියික අධ්‍යාපනය ලබන්නේ කැළණිය ධර්මාලෝක විද්‍යාලයෙනි.

සී.එම්. විලේගොඩ

 


ගුවන් විදුලිය, ලාංකේය ගුවන් තක්සලාවේ ඒකාධිකාරය ගොඩනගාගෙන සිටි සමයක, ශ්‍රාවක ප්‍රජාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කලේ, ගුවන් විදුලි ප්‍රවෘත්ති අංශය යි.

ගුවන් විදුලි මහගෙදර එකළු කල මහා ප්‍රතාපවත් මාධ්‍ය චරිත අතර ලංකේය ගුවන් විදුලි ශ්‍රාවක ප්‍රජාවගේ තොරතුරු දැනගැනීම තහවුරු කල ප්‍රවෘත්ති සංනිවේදක කාර්‍යමණ්ඩල  සාමාජිකයන් අතර හේ සුවිශේෂී චරිතයක් විය.

අදිනත්වය සිය ආත්මය කරගත් ඔහු පුද්ගලික ප්‍රතිලාභ වෙනුවෙන් සිය ප්‍රතිපත්ති කිසිදින  පාවා නොදුන්නේය.  වාමාංශිකු , ප්‍රගතිශීලීකු හා  ජනතාවාදීයෙකු වූ හේ අත් හදාබැලීමකට හෝ ප්‍රතිගාමීත්වය හෝ ධනේශ්වරය වැලැද නොගත්තේය.

හේ නමින් සී.එම් . විලේගොඩය.  1939 . අප්‍රේල් 27 වැනිදා විලේගොඩ උපත ලබන්නේ රත්නපුර බලංගොඩ දීය.

Tuesday, December 15, 2020

වර්නන් කොරයා

 


ලංකේය ගුවන් විදුලි වංශ කථාවේ මූලාරම්භය 1920 දශකය තරම් ඈතට දිව යන්නේය. 1920 ප්රථම වරට ලංකා ගුවන් විදුලි සමාජය ආරම්භ විය. 1925 දෙසැම්බර් 16 වැනිදා නිල වශයෙන් ගුවන් විදුලිය ආරම්භ වූ අතර එම යුගයේ ගුවන් විදුලි ගුවන් කාලයෙන් යම් සැලකිය යුතු ගුවන් කාලයක් ඉංග්රීසි වැඩසටහන් සදහා වෙන් වී තිබේ.
 
යටත් විජිත යුගයේ ලංකා ගුවන් විදුලියේ නිවේදක කටයුතු ඉංග්රීසි ජාතිකයන් මෙන්ම ස්වදේශිකයන් ද සිදුකර තිබේ.
 
අතීත මූලාශ්ර තොරතුරු වලට අනුව මුල් යුගයේ සිංහල , දෙමළ සහ ඉංග්රීසි භාෂා මාධ්යන්ට අදාල සියලු වැඩසටහන් එකම නාලිකාවක ප්රචාරය වී ඇත්තේ ය.

විජය කොරයා

 


ගල්කිස්ස ශාන්ත තෝමස් විද්යාලයේ කීර්තිමත් ආදී ශිෂ්යකු වන විජය කොරයා මහතා ලංකා ගුවන් විදුලියේ අතිශය ජනප්රිය ඉංග්රීසි නිවේදකයෙකි.
 
විජය කොරයා ලංකා ගුවන් විදුලි දෙපාර්තමේන්තුවට සම්බන්ධ වන්නේ 1964 වර්ෂයේ දීය.විජය කොරයා මහතා ගුවන් විදුලි ශ්රාවක ප්රජාව අතර ජනප්රිය වූයේ යම් සේද හේ ප්රසංග වේදිකාවේ ද ජනප්රිය නිවේදකයෙකි.

Monday, December 14, 2020

ස්වර්ණ ශ්‍රි බණ්ඩාර

 


ලාංකේය ගුවන් විදුලි සරු කෙත සශ්‍රීක කල හේ නමින් ස්වර්ණ ශ්‍රි බණ්ඩාරය. 1940 අගෝස්තු මස 02 වැනි දින උපත ලැබීය.හලාවත කන්‍යාරාමයේ මූලික අධ්‍යාපන ය ලබන ස්වර්ණ ශ්‍රි  ද්වීතිය අධ්‍යාපනය ලබන්නේ කොළඹ නාලන්දා විද්‍යාලයෙනි .

කොළඹ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වන ස්වර්ණ ශ්‍රි ,   පාලි, සංස්කෘත , ඉංග්‍රීසි යන පෙර - අපර දෙදිග භාෂා පිළිබඳ ප්‍රාමාණික උගතෙකි.

වයස අවුරුදු 11 දී කුඩා ස්වර්ණ ශ්‍රි ගුවන් විදුලියට සම්බන්ධ වන්නේ කරුනාරත්න අබේසේකරන්ගේ ළමා පිටියේ ළමා ශිල්පියකු වශයෙනි. පාසැල් වියේ සිටම සාහිත්‍ය  නිර්මාණකරණයට දක්ෂතා දැක්වූ ඔහු 1955 දී ළමා පිටියට රචනා කල " වංගෙඩි කකුල " නම් නාට්‍ය එම වසරේ හොඳම ගුවන් විදුලි නාට්‍ය ලෙස සම්මාන ලැබීය.

Sunday, December 13, 2020

දයානන්ද ගුනවර්ධන

 


ගුවන් විදුලි නාට්‍ය අංශය නම් මහා සරු කෙත අස්වැද්දූ  නිර්මාණකරුවන් අතුරින් දයානන්ද ගුණවර්ධන නම් නාට්‍යකරුවාට හිමිවන්නේ සුවිශේෂී වටිනාකමකි.

1934 ඔක්තෝබර් 15 දින ගම්පහ වේයන්ගොඩ දී හේ මෙලොව එළිය දුටුවේය.කලගෙඩිහේන ප්‍රාථමික විද්‍යාලයෙන් මුල් අධ්‍යාපනය ලැබූ දයානන්ද ගුනවර්ධන , උඩුගම්පොළ මධ්‍ය මහා විද්‍යාලයට ඉන් අනතුරුව ඇතුලත් විය.ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ද ඉගෙනුම් ලබා ඇත.

පාසැල් සමයේ සිටම නාට්‍ය පිළිබඳ උනන්දුවක් දැක්වූ  දයානන්ද පුදුම හමුවීම නමින් නාට්‍යක් නිෂ්පාදනය කලේය. දයානන්ද ගුනවර්ධන නාට්‍ය වංශාවලියේ මූල බීජය මේ නාට්‍යය යි.

සුගතපාල ද සිල්වා



ගුවන් විදුලි නාට්‍ය වංශාවලිය පෝෂණය කළ  හේ සොදුරු ආඥදායකයෙකි. ප්‍රගතිශීලී සමාජ දේශපාලන ව්‍යාපාරවල ඉදිරිගාමියකු වූ ඔහු නමින් සුගතපාල ද සිල්වා ය.

1928 අගෝස්තු මස 04 වැනිදා ඔහු උපත ලැබන්නෙව් . මාතර ,වැලිගම, මිදිගම දීය . සිංහල මෙන්ම මුස්ලිම් ජනතාව ද එකට ජීවත් වන මාතර වැලිගම  වූ වාර්ගික සංහිඳියාව සුගතපාලට මානවහිතවාදී ජීවන චරිතයකට පදනම සකස් කලේය .

1960 දශකයේ දී හේ ගමෙන් කොළඹට සංක්‍රමණය විය. සිංහල ඉංග්‍රීසි ද්වි භාෂාවේ ප්‍රමාණික උගතෙකු වූ ඔහු නාට්‍ය කළාව පිළිබඳව දැක්වූයේ විශාල උනන්දුවකි.

Saturday, December 12, 2020

කරුනාරත්න අබේසේකර

 


ලාංකේය ගුවන් විදුලි වංශ කතාවේ වානිජ සංනිවේදනයේ යම් හඩ සංනාමයක් වන්නේ ද ඒ අමරණීය හඩ පව්‍ර්ෂය  වන්නේ කරුනාරත්න අබේසේකර යි.

1930 ජූනි මස 03 වැනිදා , මාතර රත්මලේ බඹරැන්දේ දී උපන් කරුනාරත්න අබේසේකර අධ්‍යාපනය ලැබුවේ කොළඹ නාලන්දා විද්‍යාලයෙනි.

පාසැල් වියේ සිටම දක්ෂ කථිකයකු වූ කරුනාරත්න අබේසේකර 1946 සිට 1950 දක්වා කොළඹ නාලන්දා  විවාද කණ්ඩායමේ නායකයා විය.

Friday, December 11, 2020

ගී අමධාරා සහ රවිලාල් විමලධර්ම - තරංගිණි


මා විසින් නිෂ්පාදනය කරන "තරංගිණි" ප‍්‍රණීතාංගයේ මෙවර කතා නායකයා රවිලාල් විමලධර්මයන්ය. ඒ විසිතුර ඔබට පිරිණමන්නට පූර්වෝක්ති කථනය කළෝ සුජීව සමන්කාන්ත මානගේ සොයුරාය.  

එය අසා විමලධර්මයන් ඔබ මනසේ මවා ගන්න.

විටෙක (All Asia Hindi Service) සමස්‌ත ආසියානු ගුවන් විදුලි සේවයේ ගාම්භීර ප්‍රවෘත්ති නිවේදකයෙක්‌ වූ රවිලාල් විමලධර්ම මහතා තවත් විටෙක ස්‌වදේශීය සේවයේ සරල ප්‍රාසාංගික පූරකයෙක්‌ විය.

සෝමපාල පෙරේරා


ප්‍රවෘත්ති දැනගැනීම  පිළිබඳව ග්‍රහකයාට ඇත්තේ නොසන් සිදෙන උන්දුවකි. අතිශය දියුණු හා  තරගකාරි මාධ්‍ය විසින්  මොහොතෙන් මොහොත ප්‍රවෘත්ති යාවත්කාලීන කල කලද මීට වසර 50කට පමණ පෙර මෙරට ප්‍රවෘත්තිකරණයේ අතිශය දියුණු තාක්ෂණික ක්‍රමවේදයක් හෝ තරගකාරි මාධ්‍ය රටාවක් නොවිනි.ජ නතාවගේ ප්‍රවෘත්ති පිපාසය සංසිදුවා ලූ එකම විද්‍යුත් මාධ්‍ය වූයේ ජාතික ගුවන් විදුලිය පමණි.

එවන් සමයක කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයකුව හේ  පුහුණුවන ප්‍රවෘත්ති වාර්තා කරුවකු ලෙස ජාතික ගුවන් විදුලියට සම්බන්ධ වන්නේය .  ඒ 1973 වසරේ දීය. 

මහින්ද අල්ගම


" රුක් අත්තන මල මුදුනේ  ...... "

" චන්ද්‍රමඩුලු යට සුරංගනාවියක්..... "

" හැර තබන්න කවුළුව මගේ නිවසේ....."

 " හූණු සාස්තරේ......."

මේ ජාතික ගුවන් විදුලිය එක් යුගයක් එකළු කල අපූරු මිනිසෙක් අතින් ලියැවුණු අතිශය ජනප්‍රිය ගේය පද රචනා කිහිපයක්.

Thursday, December 10, 2020

ප්‍රේමකීර්ති ද අල්විස්

 


සමරවීර මුදලිගේ ප්‍රේමකීර්ති ද අල්විස් , උපන්නේ 1947 ජූනි 03 වැනිදා කොළඹ දීය.මරදාන මාලිගාකන්ද මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද ප්‍රේමකීර්ති පසුව ඇතුලත් වන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයට ය.

කුඩා කල සිටම ලේඛණ කලාවට ඇලුම්කල හේ පාසලේ සමජ විද්‍යා සගරාවේ උපදේශක සංස්කාරක වශයෙන් කටයුතු කලේය . ආනන්ද විද්‍යාලයේදී  ආනන්දය  සගරාවේ  සංස්කාරක වූයේ ප්‍රේමකීර්තිය.

නන්දා ජයමාන්න

 


දකුණු ලක අම්බලන්ගොඩ  හීනැටියන ග්‍රාමය ඇගේ උපන් ගමයි. ඕ උපත ලබන්නේ 1930  ජනවාරි 11 වැනිදායි. ඇය නමින් එගොඩගේ රීටා නන්දා ජයමාන්න ද සිල්වා ය. 

ඇය ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ රාගල සිංහල විද්‍යාලයෙනි. උසස් අධ්‍යාපන කටයුතු  සදහා  ඇය ඉන් අනතුරුව  ඇතුලත් වන්නේ නුවර එළිය යහපත් එඩේරාගේ කන්‍යාරාමයටය.

වජිර ලලින් ද සිල්වා

 


1978 දී ගුවන් විදුලියේ මධ්‍යම ක්‍රියාකාරී අංශයට එකතුවන හේ ලාංකේය හඩ මාධූර්යන් බොහොමයක් සුමට කල අපූරු නිර්මාණ කරුවෙකි.

නූතන  මාධ්‍ය වෙළද පලෙහි  වෙළද වැඩසටහන් වල හඩ සංනාමයන් නිර්මාණය වූයේ මේ අපූරු මිනිසා අතිනි. හේ කිසි දින මයික්‍රපෝනයක් ඉදිරියේ සිය හඩ අවධි කලේ නැත.

නමුත් අද රට හදුනන බොහෝ හඩවල් ගුවන් විදුලි මාධ්‍යට විශේෂයෙන්ම වෙළද වැඩසටහන් කලාවට ඔපවත් කලේ මේ අපූරු මිනිසාය.

හේ නමින් වජිර ලලින් ද සිල්වාය. වසර 42ක් පුරාවට ලාංකේය ගුවන් විදුලි වංශ කතාවේ හඩ මාධුර්‍ය් ඔපවත් කරන වජිර රන්කරුවෙක් හා සමානය. ඔහු අතින් නිමවෙන අපූරු හඩ සිත්තම් රටම ආදරයෙන් වැලදගෙන ඇත්තේ ය. 

හඩ්සන් සමරසිංහ

 


ලාංකේය ගුවන් විදුලි වංශ කතාවේ වඩාත් ආන්දෝලාත්මක මාධ්‍ය චරිතයක් වන හේ ගුවන් විදුලි සංස්ථාවේ වැඩිම වාර ගණනාවක් සභාපති පදවියට පත්වූ මාධ්‍යකරුවාය.

හේ නමින් හඩ්සන් සමරසිංහය. මහනුවර පේරාදෙණියේ පැණිදෙණිය නම් ග්‍රාමයේ දී 1945  ඔක්තෝබර් 24 වන දින  ඔහු උපත ලැබීය.

පැණිදෙණිය ග්‍රාමයේ ඉංග්‍රීසි ද්වී භාෂා පාසැලෙන් මූලික අධ්‍යාපන ලබූ සමරසිංහ මහතා මෙරට ප්‍රමුඛ පිරිවෙනක් වූ වැල්ලවත්ත  ධම්මෝධය පිරිවෙනේ ද අධ්‍යාපනය ලබා ඇත. විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය හෙවත් කැළණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථයකු වන හඩ්සන් සමරසිංහ මහතා, ලංකා ගුවන් විදුලියට සම්බන්ධ වන්නේ 1968 වසරේ දීය.

ජනදාස පීරිස්

 


ලාංකේය විද්‍යුත් මාධ්‍ය වංශ කතාවේ ප්‍රවෘත්ති කරණයෙහි සුවිශේෂී දක්ෂතා දැක්වූ යම් මාධ්‍යකරුවන් ප්‍රමාණයක්  වන්නේද ඒ සියළු දෙනා  හමුවේ මුලින්ම  කියවෙන නාමයක් වන්නේ ජනදාස පීරිස් නාමයයි.

1942 ජූලි හත් වැනිදා පානදුර ගොරකානේදී උපත ලැබූ පීරිස් මහතා, මූලික අධ්‍යාපනය ලබන්නේ ගොරකාන ප්‍රාථමික විද්‍යාලයෙනි.පසුව ඔහු මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට ඇතුලත් විය.

ජනදාස පීරිස් මහතාගේ පියා මෙරට වාමාංශික ව්‍යාපාරයේ පූරෝගාමී සාමාජිකයෙකි. හේ නමින් හෙන්රි පීරිස්‍ ය. 1947ප්‍රථම පාර්ලිමේන්තුවේ පානදුර මහජන මංත්‍රිවරයා වූ ඒ මහතා මෙරට ප්‍රථම දේශපාලන පක්ෂය වූ ලංකා සමසමාජ පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකි.

නිව්ටන් ගුණරත්න

 


ජාතික ගුවන් විදුලිය දනන් තුඩ රැංදූ තවත් අමතක නොවන හඩ මාධුර්‍ය් අතර නොමියෙන හඩක් වන්නේද ඒ  නිව්ටන් ගුණරත්න හඩ මාධුර්‍ය්යි.

1940 දෙසැම්බර් මස 04 වැනි දින මෙලොව එළිය දුටු නිව්ටන් ගුණරත්නයන් ගූවන් විදුලි වංශ කතාව පෝෂණය කල අද්විතීය මාධ්‍යකරුවෙකි.

196 දශකයේ මුල් භාගයේ ලංකා ගුවන් විදුලි දෙපාර්තමේන්තුවට හේ සම්බන්ධ වන්නේ සහන නිවේදකයකු වශයෙනි.  

එවකට ලංකා ගුවන් විදුලි දෙපාර්තමේන්තුවේ සිංහල සේවා අධ්‍යක්ෂ වූයේ  කීර්තිමත් සිවිල් නිලධාරියකු වූ  සහ පසුකලෙක ජනාධිපති ලේකම් ලෙස කටයුතු කල කේ.එච් . ජේ. විජේදාස මහතාය.

චිත්‍රානන්ද අබේසේකර

 


ලාංකේය ගුවන් විදුලි වංශ කතාවේ  ජාතික නාලිකාව ලෙසින් ගුවන් විදුලි ශ්‍රාවක ප්‍රජාව අභිසෙස් ගන්වා ඇත්තේ සිංහල ස්වදේශිය සේවය යි.

එම සේවාවේ වැඩිම කාලයක් හෙවත් සිංහල සේවයේ දිර්ඝ කාලයක් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කල හේ චිත්‍රානන්ද අබේසේකර සූරින්ය.

1930 මාර්තු මාස 07 වැනිදා  ගාල්ල , බලපිටිය කොස්ගොඩදී උපත ලබූ අබේසේකර  සිහල බොදු ව්‍යාපාරයේ කේන්ද්‍රීය තක්සලාවක් වූ  කොළඹ නාලන්දාවෙන් සිප් සතර හැදෑරීය.

එච්.එම් ගුණසේකර


හේරත් මුදියාන්සේලාගේ  ගුණසේකර හෙවත් එච්.එම් ගුණසේකර උපත ලබන්නේ 1927 පෙබරවාරි 18 දින , බදුල්ල ලුණුගල ග්‍රාමයේ ය.ලුණුගල ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද ගුණසේකර කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට ඇතුලත් විය.

ඒ මහතා කලක් මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ ගුරුවරයකු ලෙස සේවය කලේය.කුඩා කාලයේ සිටම නිවේදන කටයුතු කෙරෙහි උනන්දුවක් දැක්වූ ඔහු පාසැල් අධ්‍යාපනනය  නිමා වීමත් සමග නිවේදන කලාවට යොමුවිය.

1951 ඔක්තෝබර් 15 වැනි දින  ආධුනික නිවේදකයකු ලෙස ලංකා ගුවන් විදුලි සේවයට එක්වන එච්.එම් ගුණසේකරයන්ට සිය මාධ්‍ය ජීවිතය ඔපවත් කරගැනීමට ඩී . ඇම්.  කොළඹගේ හා තේවිස් ගුරුගේ වැනි ප්‍රවීණයන්ගෙන් ලැබුනේ විශාල පිටිවහලකි.

පාලිත පෙරේරා

  


ලාංකේය ක්‍රිකට් වංශ කතාව වදන් සිතුවමින් ඔපවත් කල යම් නිවේදකයකු වන්නේද ඒ නිවේදක නාමාවලියේ ස්වර්ණමය අකුරින් ලියැවෙන නාමය වනාහි පාලිත පෙරේරා  නාමයයි.

ගුවන් විදුලි වංශකතාවේ අමරණීය මතක සටහන් තැබූ පූරක නාමාවලියේ දිදුලන තාරකාවක් බදු පාලිත පෙරේරා සූරීන්‍ ලංකා ගුවන් විදුලි සේවයට එක්වන්නේ 1960 දශකයේ ය. එවකට ගුවන් විදුලිය දෙපාර්තමේන්තුවක්ව පැවැති අතර නිවේදකයෙක් වැඩසටහන් සම්පාදකයෙක් වශයෙන් සිය ප්‍රතිභාව නැංවූ පාලිතයන් දක්ෂ විචිත්‍රාංග නිෂ්පාදකයෙකි.

ප්‍රභා රණතුංග

 


ගුවන් විදුලි අඹර ප්‍රභාවත් කල ඕ ගුවන් විදුලි වංශයට සිය නාමය එකතුකොට ඇත්තේ ප්‍රථම සිංහල නිවේදිකාව වශයෙනි.

ඇය නමින් ප්‍රභා රණතුංග නම් වන්නීය. 1949 වසර අග භාගයේ පුවත්පතක  ගුවන් විදුලියට නිවේදක නිවේදිකාවන් අවශ්‍ය බවට දැන්වීමක් පලවිය.

එම දැන්වීමට අනුව වෘත්තීයෙන් ගුරුවරියක වූ ප්‍රභා රණතුංග මහත්මිය අයදුම්පතක් ගුවන් විදුලිට යොමුකලේ නිවේදන කාර්‍යයට ඈ තුල වූ උනන්දුව හේතුවෙනි.

1950 මාර්තු මාසයේ සම්මුඛ පරික්ෂණය පැවැති අතර 1950 අප්‍රේල් මාසයේ  ප්‍රභා රණතුංග මහත්මිය ගුවන් විදුලියට සම්බන්ධ වන්නේ සිංහල  නිවේදිකාවක් වශයෙනි .

තේවිස් ගුරුගේ

 


ලාංකේය ගුවන් විදුලි වංශ කතාවේ දෙවැනි පූරක භූමිකාව හෙවත් ලංකා ගුවන් විදුලි සේවයේ දෙවැනි සිංහල නිවේදකයා වීමේ වාසනාව ලද්දා තේවිස් ගුරුගේ ය.

1923 මාර්තු 23 මාතර කොටවිල දී උපත ලද හේ , කොටවිල මිශ්‍ර පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබීය. පසුව ගුරුගේ මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට ඇතුලත් විය.

ගුවන් විදුලියට සිංහල නිවේදකයින් බදවා ගැනීම  සදහා වූ පුවත්පත් දැන්වීමකට  අනුව ගුරුගේ මහතා නිවේදක තනතුර සදහා අයදුම්පතක් යොමු කලේය.

ඩී .ඇම්. කොළඹගේ


දොන් මරතේලිස් කොළඹගේ හෙවත් ඩි.එම්.කොළඹගේ යනු අනූපස් විය සපුරන ජාතික ගුවන් විදුලියේ නොමියන චරිතයකි. කොළඹගේ යනු ජාතික ගුවන් විදුලියේ ප්‍රථම සිංහල නිවේදකයා යි.

හේ 1909 මැයි 04 කොළඹ කිරුලපන දී උපත ලැබීය.ඔහුගේ ප්‍රථම රැකියාව ගුරු වෘත්තීයයි.පුවත්පත් දැන්වීමක ගුවන් විදුලියට සිංහල නිවේදකයකු අවශ්‍ය බවට වූ තොරතුර මත කොළඹගේ මහතා අයදුම්පතක් යොමුකරන ලදි .

95 වසරක පිය සටහන්



එලඹෙන දෙසැම්බර් 16 වැනි දිනට   ජාතියේ ගුවන් තක්සලාව , ගුවන්විදුලි මහ ගෙදර යනුවෙන් නන්විධ විරුදාවලි ලද  ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව ජීවන මගේ 95 වන වියට පා තබයි.

1925 දෙසැම්බර් 16 දින නිල වශයෙන් සංනිවේදන කටයුතු ආරම්භ කල ලංකා ගුවන් විදුලි එදාමෙදා තුර ලංකේය ගුවන් විදුලි ශ්‍රාවක ප්‍රජාවගේ සංනිවේදන අවශ්‍යතා සපුරන ලද මාධ්‍ය ආයතනයයි.