Thursday, December 10, 2020

චිත්‍රානන්ද අබේසේකර

 


ලාංකේය ගුවන් විදුලි වංශ කතාවේ  ජාතික නාලිකාව ලෙසින් ගුවන් විදුලි ශ්‍රාවක ප්‍රජාව අභිසෙස් ගන්වා ඇත්තේ සිංහල ස්වදේශිය සේවය යි.

එම සේවාවේ වැඩිම කාලයක් හෙවත් සිංහල සේවයේ දිර්ඝ කාලයක් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කල හේ චිත්‍රානන්ද අබේසේකර සූරින්ය.

1930 මාර්තු මාස 07 වැනිදා  ගාල්ල , බලපිටිය කොස්ගොඩදී උපත ලබූ අබේසේකර  සිහල බොදු ව්‍යාපාරයේ කේන්ද්‍රීය තක්සලාවක් වූ  කොළඹ නාලන්දාවෙන් සිප් සතර හැදෑරීය.

1950දශකයේ  ලංකා ගුවන් විදුලියට සම්බන්ධ වන චිත්‍රානන්ද අබේසේකර සූරින් දක්ෂ නිවේදකයෙක් සේම දක්ෂ වැඩසටහන් සම්පාදකයෙකි.

චිත්‍රානන්ද අබේසේකර මහතා ගුවන් විදුලි සජීව විස්තර කථනයේ සේම, වැඩසටහන් ඉදිරිපත් කිරීමේදී ද සිය දක්ෂතා පෙන්නුම් කල මාධ්‍යකරුවෙකි.

චිත්‍රානන්ද අබේසේකර සූරින් ප්‍රවීණ ගේය පද රචකයෙකි.හේ සිංහල චිත්‍රපට විශාල සංඛ්‍යාවකට ගීත රචනා කර ඇත. ලාංකේය කාව්‍යකරණය එකළු කල චිත්‍රානන්ද අබේසේකරයෝ අගනුවර තරුණ කවි සමාජයේ සමාරම්භකයෙක් වන්නාහ.

හේ හිටිවන කවිකරණයේ ප්‍රතිභාව පෑ අපූරු කවියෙකි.

සිංහල ස්වදේශිය සේවයේ අභිමානය දසත පැතිරවූ අබේසේකරයන් පිළිබඳ   ගුවන් විදුලි මහගෙදර සෙවන ලත් ජේෂ්ඨ මාධ්‍යවේදීන් , ජේෂ්ඨ කාර්‍යමණ්ඩල සාමජිකයන් අදත් සිහිපත් කරන්නේ ඉමහත් ගරු සරුවය. 

95 වසරක ගුවන් විදුලි ඉතිහාසය ඔපවත් කරනට සිය ප්‍රතිභාව නැංවූ චිත්‍රානන්දයෝ  ගුවන් විදුලි අඹර එකලු කල තවත් දීප්තිමත් සෙමිසද මඩලක් වන්නාහ .

ඉන්දික ජයරත්න

No comments:

Post a Comment