Thursday, December 10, 2020

පාලිත පෙරේරා

  


ලාංකේය ක්‍රිකට් වංශ කතාව වදන් සිතුවමින් ඔපවත් කල යම් නිවේදකයකු වන්නේද ඒ නිවේදක නාමාවලියේ ස්වර්ණමය අකුරින් ලියැවෙන නාමය වනාහි පාලිත පෙරේරා  නාමයයි.

ගුවන් විදුලි වංශකතාවේ අමරණීය මතක සටහන් තැබූ පූරක නාමාවලියේ දිදුලන තාරකාවක් බදු පාලිත පෙරේරා සූරීන්‍ ලංකා ගුවන් විදුලි සේවයට එක්වන්නේ 1960 දශකයේ ය. එවකට ගුවන් විදුලිය දෙපාර්තමේන්තුවක්ව පැවැති අතර නිවේදකයෙක් වැඩසටහන් සම්පාදකයෙක් වශයෙන් සිය ප්‍රතිභාව නැංවූ පාලිතයන් දක්ෂ විචිත්‍රාංග නිෂ්පාදකයෙකි.

ලංංකේය ගුවන් විදුලි ශ්‍රාවකයා වඩාත් ආදරයෙන්  පාලිත පෙරේරා   වැලදගෙන ඇත්තේ ක්‍රිකට් විස්තර විචාරකයකු වශයෙනි .

ක්‍රිකට් ක්‍රිඩාවේ ඉංග්‍රීසි වචන ඉතාම් සුහුරු ලෙස ලෙස සිංහල භාෂාවට නැංවීමට මුල් වූවන් අතර පාලිත පෙරේරා සිටින්නේ ඉදිරියෙනි . කරුනාරත්න අබේසේකර, ප්‍රේමසර ඈපාසිංහ යනු පාලිත පෙරේරා මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රාවක ප්‍රජාව අතර ප්‍රචලිත කිරීමට මුල් වූ වදන් සිත්තම් කරුවෝයැ.

සිංහල ස්වදේශිය සේවය සිංහල වෙළද සේවය යන අංශවල  සිය ප්‍රතිභාව නැංවූ පාලිත පෙරේරා සූරීන්‍ ඉදිරිපත් කල අගනා වටිනා වැඩසටහන් බොහොමයක් ජාතික ගුවන් විදුලියේ සංරක්ෂිත පුස්තකාලයේ තවමත් සුරක්ෂිතව තිබේ.

ජාතික ගුවන් විදුලියේ සිංහල සේවා අධ්‍යක්ෂ වශයෙන්ද කටයුතු කර ඇති ඒ මහතා මෙරට ගුවන් විදුලි වංශ කතාව පෝෂණය ප්‍රතාපවත් මාධ්‍ය චරිතයක් ලෙස සදහන් කල හැකිය.

95 වන වියට පා තබන් ගුවන් විදුලි මහ ගෙදරට ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාව සිය ආත්මයෙන් පෝෂණය කල ජේෂ්ඨ මාධ්‍යවේදී  පාලිත පෙරේරා සූරීන්‍ට දිගාසිරි පතමු.

ඉන්දික ජයරත්න

No comments:

Post a Comment