Thursday, December 17, 2020

ඩෝල්ටන් අල්විස්

 


ලාංකේය ගීත සාහිත්‍ය , නිර්මාණාත්මක ලේඛණ සාහිත්‍ය  පෝෂණය කල අද්විතීය සාහිත්‍යධරයකු ලෙස ඉතිහාසයයේ රන් පත්තිරු අතරට ස්වකීය නාමය  එක්කල සාහිත්‍යධරයෙකි, ඩෝල්ටන් අල්විස්.

1927  දෙසැම්බර් 07 වැනි දින ගාල්ල බෙන්තර දී, ඩෝල්ටන් අල්විස් උපත ලබන්නේය.  ඔහු දෙමටගොඩ අනුරුද්ධ බාලිකාවේ ( වර්තමානයේ  හදුන්වන නම ) ප්‍රාථමික අධ්‍යාපනය ලැබීය. ද්වීතියික අධ්‍යාපනය සදහා ඩෝල්ටන් අල්විස් ඇතුලත් වන්නේ ,  ලංකාවේ ප්‍රධානතම බෞද්ධ විද්‍යාලයක් වන කොළඹ ආනන්ද විද්‍යාලයට ය.

පාසැල් අධ්‍යාපනනයෙන් අනතුරුව හේ ලලිත  කලා විද්‍යාලයට ඇතුලත් විය. ඩෝල්ටන් අල්විස්ගේ පළමු රැකියාව ගුරු වෘත්තීය යි. හේ චිත්‍ර ගුරුවරයකු ලෙස රාජකාරි කරමින් සිටියදී, ලංකා ගුවන් විදුලියේ වැඩසටහන් සම්පාදක තනතුරට අයදුම්පතක් යොමුකලේය.

ගුවන් විදුලියේ සිංහල පළමු  සේවය හෙවත් සිංහල  ස්වදේශිය සේවයේ  වැඩසටහන් සම්පාදකයෙක් ලෙස කටයුතු කල ඩෝල්ටන් අල්විස් මහතා වැඩසටහන් ගණනාවක් සම්පාදනය කර ඇත.

පංච මයුර, රස බිංදු , විජය ගී යනු ඔහු විසින් සම්පාදනය කල අතිශය ජනප්‍රිය ගුවන් විදුලි වැඩසටහන් වලින් කිහිපයකි . ඩෝල්ටන් අල්විස් සූරීන්‍ මෙරට ගුවන් විදුලි වංශාවලියේ  වැඩිම දේශාභිමානී ගී, වැඩිම ප්‍රබුද්ධ ගී සහ සරල ගී ප්‍රමාණයක් රචනා කල ගේය පද රචකයා ය.

සාහිත්‍ය ග්‍රන්ථකරණයේද නිරත වූ  ඩෝල්ටන් අල්විස් ,  ගුවන් විදුලි ගීත නාටක සාහිත්‍ය පෝෂණය කිරීමට සුවිශේෂී දායකත්වයෙන් ලබා දී තිබේ .   ඔහු අතින් වටිනා ගීත නාටක බොහොමයක් ලියැවී ඇත .


සසර වසන තුරු ..... නිවන් දකින තුරු........

පිංකෙත  හෙල රන් දෙරණේ.............

යලි  ඉපදෙන්නට හේතු වාසනා..........


රන් දහදිය බිංදු බිංදු ............

ඉසුරු සුවය රැන්දු රැන්දු ..............


උඩගු ලියන් ගොතා බදින නීල වරල සරසන්නට.....................


දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ..........

සීගිරි ගලේ කවි ලිව්වේ නුඹයි පුතේ............


නිවහල් සිතිවිලි සිතනා සිතත් උදාරයි.........

නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි........


යනු ඩෝල්ටන් අල්විස්  සූරීන්‍ ගේ ගී පන්හිදෙන් ගෙත්තම් වූ  අපූරු දේශාභිමානී හා ප්‍රබුද්ධ ගී කිහිපයකි. 


අශාවේ ගී මල් වැටෙන් එබී.........


 නීල වරල නිල්  චාමර........ 


මගේ දෑස ඔබේ කියා ඔබ පවසනවා............ මම   සැනසෙනවා...........


තුන්තුඹ මල් තුඹ මල්..........

තුන්තුඹ  මල් තුඹ මල්.............


එගොඩහ යන්නෝ......... මෙගොඩ යන්නෝ.....

තව කවුරුද ඉන්නේ........

යනු ඔහු අතින් ලියැවුණු ජනප්‍රිය  සරල ගී වලින් කිහිපයකි.

ගීත සාහිත්‍ය පෝෂණය කල ඩෝල්ටන් අල්විස් සූරීන්‍ ලාංකේය ගුවන් විදුලි වංශ කතාවේ ස්වර්ණමය යුගය ලෙස හැදින්වීය හැකි 1970 /77 යුගය නියෝජනය කල තවත් ප්‍රතාපවත් මාධ්‍ය චරිතයකි.

1987 අගෝස්තු පළමුවැනිදා ඩෝල්ටන් අල්විස් සූරීහූ දිවිසැරිය නිමා කලහ.

ඉන්දික ජයරත්න

1 comment:

  1. After we kind all of the pieces, we be a part of them by welding, adhesives, riveting, fastening, or other methods best suited to the project. Finally, we apply a finish to the finished product to Luggage Sets match your design. Punch Press use instruments called punch and dies, which punches holes and shapes to make any number of patterns. Particularly effective for slicing simple patterns which are be} extra economical than slicing on a laser cutter or a water jet. Punch presses can operate at tons of of strokes per minute making this a suitable heart for processing components shortly. One of the most adaptable constructing materials within the manufacturing trade, sheet metal has rightfully discovered its place as one of the important materials within the industrial age.

    ReplyDelete