Thursday, December 10, 2020

ප්‍රභා රණතුංග

 


ගුවන් විදුලි අඹර ප්‍රභාවත් කල ඕ ගුවන් විදුලි වංශයට සිය නාමය එකතුකොට ඇත්තේ ප්‍රථම සිංහල නිවේදිකාව වශයෙනි.

ඇය නමින් ප්‍රභා රණතුංග නම් වන්නීය. 1949 වසර අග භාගයේ පුවත්පතක  ගුවන් විදුලියට නිවේදක නිවේදිකාවන් අවශ්‍ය බවට දැන්වීමක් පලවිය.

එම දැන්වීමට අනුව වෘත්තීයෙන් ගුරුවරියක වූ ප්‍රභා රණතුංග මහත්මිය අයදුම්පතක් ගුවන් විදුලිට යොමුකලේ නිවේදන කාර්‍යයට ඈ තුල වූ උනන්දුව හේතුවෙනි.

1950 මාර්තු මාසයේ සම්මුඛ පරික්ෂණය පැවැති අතර 1950 අප්‍රේල් මාසයේ  ප්‍රභා රණතුංග මහත්මිය ගුවන් විදුලියට සම්බන්ධ වන්නේ සිංහල  නිවේදිකාවක් වශයෙනි .

ඒ සම්බන්ධය ඓතිහාසික සම්බන්ධයකි. කිසිවෙකුට කිසිලෙස බිද නොහැකි වාර්තාවක් ඇය තබන්නේ ජාතික ගුවන් විදුලියේ ප්‍රථම සිංහල නිවේදිකාව වශයෙනි .

ගුවන් විදුලියේ කාන්ථා වැඩසටහන් ඉදිරිපත් කල ප්‍රභා රණතුංග, ළමා වැඩසටහන් ද ඉදිරිපත් කලාය. 1968 වසරේ ළමා හා කාන්ථා අංශයේ සංවිධායක ලෙස ප්‍රභා රණතුංග මහත්මිය පත් වූවාය. 

ගුවන් විදුලි වැඩසටහන් සදහා 1968වසරේ සිට භාහිර ශිල්පීන් කැදවනු  ලැබූ බව , ගුවන් විදුලියට වසර 75ක් පිරීම නිමිත්තෙන් ආරාධිත අමුත්තා වැඩසටහනට සහභාගි වෙමින් ප්‍රභා රණතුංග මහත්මිය පවසයි (අදාල වැඩසටහන ඉදිරිපත් කරන්නී මයුරී අබේසිංහ මහත්මිය යි. - උපුටා ගැනීම හඩ සගරාව 2013   12 වන ඛාණ්ඩය)

ගුවන් විදුලියේ ප්‍රථම භාහිර පටිගත කිරීම සිදුකර ඇත්තේ ද ප්‍රභා රණතුංග මහත්මිය යි.

බලපිටිය ප්‍රදේශයේ සංචාරය කරමින් විවිධ වෘතීන් වල නිරත වූ කාන්ථාවන් සහභාගි කරගනිමින් මෙම වැඩසටහන පටිගත  කර ඇත.

මඩොල් දූව ළමා නවකතාව ප්‍රථම වරට ළමා නාට්‍යක් ලෙස නිෂ්පාදනය වීමට මුල්වී ඇත්තේ ද ප්‍රභා රණතුංග මහත්මියයි.

සිහල ස්වදේශිය සේවයේ හා වෙළද සේවයේ ද රාජකාරි කර ඇති රණතුංග මහත්මිය ගුවන් විදුලි වැඩසටහන්කරණය පිළිබඳ අවස්ථා ගණනකදී  විදේශ පුහුණු වීම ලබා ඇත.

1974 දී ප්‍රභා රණතුංග මහත්මිය ගුවන් විදුලි අභ්‍යාස ආයතනයේ සහකාර අධ්‍යක්ෂ ලෙස පත්වීම් ලැබුවාය. විශ්‍රාම ගැනීමේ වයසට පූර්ව 1981 එතුමිය ගුවන් විදුලියෙන් විශ්‍රාම ලැබුවාය.

 95 වසරක ගුවන් විදුලිය පෝෂණය කිරීමට සිය දායකත්වය ලබාදුන් ප්‍රභා රණතුංග නම් චරිතය අප සිහිපත් කරන්නේ හද පිරිබැතියෙනි.

ඉන්දික ජයරත්න .

No comments:

Post a Comment