Thursday, December 10, 2020

වජිර ලලින් ද සිල්වා

 


1978 දී ගුවන් විදුලියේ මධ්‍යම ක්‍රියාකාරී අංශයට එකතුවන හේ ලාංකේය හඩ මාධූර්යන් බොහොමයක් සුමට කල අපූරු නිර්මාණ කරුවෙකි.

නූතන  මාධ්‍ය වෙළද පලෙහි  වෙළද වැඩසටහන් වල හඩ සංනාමයන් නිර්මාණය වූයේ මේ අපූරු මිනිසා අතිනි. හේ කිසි දින මයික්‍රපෝනයක් ඉදිරියේ සිය හඩ අවධි කලේ නැත.

නමුත් අද රට හදුනන බොහෝ හඩවල් ගුවන් විදුලි මාධ්‍යට විශේෂයෙන්ම වෙළද වැඩසටහන් කලාවට ඔපවත් කලේ මේ අපූරු මිනිසාය.

හේ නමින් වජිර ලලින් ද සිල්වාය. වසර 42ක් පුරාවට ලාංකේය ගුවන් විදුලි වංශ කතාවේ හඩ මාධුර්‍ය් ඔපවත් කරන වජිර රන්කරුවෙක් හා සමානය. ඔහු අතින් නිමවෙන අපූරු හඩ සිත්තම් රටම ආදරයෙන් වැලදගෙන ඇත්තේ ය. 

කරුණාරත්න අබේසේකර මහතා ගේ අවසන් වෙළෙද වැඩසටහන වන පුෂ්පාංජලී වැඩසටහන පටිගත කළේද  වජිර ලලින්ද සිල්වාය. පුන්සිරි සොයිසා ඇතුළු බොහොමයක් ගායක ගායිකාවන් ගුවන්විදුලියේ ජනප්‍රිය  ගායකයන් බවට පත්  කරවන්නට ඔහු නිහඩවම දායක වී ඇත .

අමරබන්දු රූපසිංහ,  ප්‍රේම කීර්ති ද අල්විස් ,කේ .ඩී.කේ. ධර්මවර්ධන , හඩ්සන් සමරසිංහ,  කුසුම් පීරිස්, ලැඩී හෙට්ටිආරච්චි , පූනලෝචිනී, අබ්දුල් හමීඩ් වැනි සිංහල දෙමල ඉංග්‍රීසි යන ත්‍රිභාෂා වේම  නිවේදක නිවේදිකාවන් සමග හරි හරියට ඔට්ටු වෙමින් ඔහු පටිගත කිරීම් කටයුතු අපූරුවට කර ඇත්තේය.

 දිවාකල නිශායම ගුවන් විදුලියේ මැදිරිඅංක  3හි ගතකරන වජිර , වොයිස් කාස්ට් මැදිරි සංකීර්ණයේ අදුරු කොරිඩෝරයේ  ඉක්මන් ගමනින් වෙළෙද කාට්‍රිජ් , කැසට් අතැතිව යන දසුන එකල බොහෝ සුලබය. 

ගැඹුරු හඩින් "හරි වන්ටේක් ගමු" යැයි ඔහුගෙන් අසා නොගත් නිවේදකයෙකු නැති තරම්ය. "ඔහොම නෙමෙයි මෙහෙම ගන්න"  යන්න ඔහුගේ ආදර්ශ පාඨයයි. ලාංකේය ගුවන්විදුලි වෙළෙඳ දැන්වීම් ඉතිහාසයේ ඔහුගේ නමද ගුවන් විදුලි වංශ කතාවේ  ලියවිය යුතුමය.  

හෙට (12/10)  උදෑසන 6.25හේ කනිසමට  සිංහල අංශයේ "තරංගිණි ප්‍රණීතාංගය " වෙන්වන්නේ වජිර ලලින් ද සිල්වා නම් මේ අපූරු ම්නිසා නමට යැ.

ඉන්දික ජයරත්න

සිංහල අංශයේදීයැ.

2020-12-09

No comments:

Post a Comment