Wednesday, December 16, 2020

සී.එම්. විලේගොඩ

 


ගුවන් විදුලිය, ලාංකේය ගුවන් තක්සලාවේ ඒකාධිකාරය ගොඩනගාගෙන සිටි සමයක, ශ්‍රාවක ප්‍රජාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කලේ, ගුවන් විදුලි ප්‍රවෘත්ති අංශය යි.

ගුවන් විදුලි මහගෙදර එකළු කල මහා ප්‍රතාපවත් මාධ්‍ය චරිත අතර ලංකේය ගුවන් විදුලි ශ්‍රාවක ප්‍රජාවගේ තොරතුරු දැනගැනීම තහවුරු කල ප්‍රවෘත්ති සංනිවේදක කාර්‍යමණ්ඩල  සාමාජිකයන් අතර හේ සුවිශේෂී චරිතයක් විය.

අදිනත්වය සිය ආත්මය කරගත් ඔහු පුද්ගලික ප්‍රතිලාභ වෙනුවෙන් සිය ප්‍රතිපත්ති කිසිදින  පාවා නොදුන්නේය.  වාමාංශිකු , ප්‍රගතිශීලීකු හා  ජනතාවාදීයෙකු වූ හේ අත් හදාබැලීමකට හෝ ප්‍රතිගාමීත්වය හෝ ධනේශ්වරය වැලැද නොගත්තේය.

හේ නමින් සී.එම් . විලේගොඩය.  1939 . අප්‍රේල් 27 වැනිදා විලේගොඩ උපත ලබන්නේ රත්නපුර බලංගොඩ දීය.

 ප්‍රවීණ .මාධ්‍යකරුවෙකු වන   ඥාති සොයුරු ජයවිලාල් විලේගොඩගේ මග පෙන්වීමෙන් සී.එම්  විලේගොඩ  මාධ්‍ය සදහා අත පොත් තැබීම සිදු කලේය.  

කැළණිය ප්‍රාදේශීය ගුවන් විදුලි මාධ්‍යවේදියා වීම ඔහුගේ මාධ්‍ය ජීවිතයේ සමාරම්භයයි.  විලේගොඩ මහතා ගුවන් විදුලියේ ප්‍රවෘත්ති අංශ කාර්‍යමණ්ඩලට සම්බන්ධ වන්නේ වර්ෂ 1973 දීය.

දෙවැනි ශේණියේ ප්‍රවෘත්ති වාර්තාකරුවෙකු ලෙස ජීවන වෘත්තීය ආරම්භ කරන විලේගොඩ මාධ්‍යකාර්‍ය දේව කාර්‍යකරගත් අයෙකි.සිය වෘත්තීයභාවය පටු  ප්‍රතිලාභ  වෙනුවෙන් පාවා නොදුන් ඔහු  සෑම විටම කටයුතු කලේ පරමාදර්ශී මාධ්‍ය මෙහෙවරක් උදෙසාය .

සිය අනම්‍ය ප්‍රතිපත්ති නිසාම විවිධ දේශපාලන සංක්‍රණීය අවධීන් වල දී ඔහු විවිධ තාඩන පීඩන වලට ලක් වූයේ ය. නමුත් තමන් පරමාදර්ශ කරගත් ප්‍රතිපත්ති පාවා නොදුන් විලේගොඩ මහතා ඒ සියලු දුෂ්කරතා විද ව්දරා ගත්තේ ප්‍රතිපත්තිය සියල්ලට වඩා උතුම් කොට සලකමිනි.

සිංහල , ඉංග්‍රීසි ද්වී භාෂා භාවිතයේ ප්‍රාමාණිකයකු වූ විලේගොඩ  ක්‍රමිකව පළමු ශ්‍රේණියේ වාර්තාකරුවෙකු ලෙස ශ්‍රේණි ගත වීම් ලබන්නේය .  වෘත්තීය ජීවිතය ආරම්භ කොට වසර 23 කට පසු එනම් 1996 දී  හේ රැකියා  උසස් වීමක් ලබන්නේ ය. ඒ ගුවන් විදුලියේ කාර්‍යභාර ප්‍රවෘත්ති සංස්කාරක වශයෙනි. 

පුරා වසර 25 ක සේවා කාලයකින් අනතුරුව සී.එම්. විලේගොඩ මහතා ජාතික ගුවන් විදුලියේ ප්‍රවෘත්ති මෙහෙවරින් විශ්‍රාම ලබන්නේය. ඒ  1998 වසරේ දීය.

ඔහු නිල වශයෙන් ගුවන් විදුලි සේවාවෙන්  විශ්‍රාම ගනු ලැබූව ද, මියයන තුරුම මාධ්‍ය මෙහෙවරට  උරදී සිටීම  විශේෂත්වයකි. 2012.  ජනවාරි 18 වැනිදා හේ ජීවන රග මඩල නිමා කලේය.  

විලේගොඩගේ නොනිමි මාධ්‍ය මෙහෙවර පෙරට ගෙන යෑමට ඔහුගේ දෙටු පුත් සම්පත් විලේගොඩ ප්‍රවෘත්ති වාර්තාකරුවෙකු , ප්‍රවෘත්ති සංස්කාරකවරයකු ලෙස ජාතික ගුවන් විදුලියේ මාධ්‍ය මෙහෙවරට උරදී සිටී.

ඉන්දික ජයරත්න  

No comments:

Post a Comment