ගුවන් විදුලි නාට්‍ය අංශය නම් මහා සරු කෙත අස්වැද්දූ නිර්මාණකරුවන් අතුරින් දයානන්ද ගුණවර්ධන නම් නාට්‍යකරුවාට හිමිවන්නේ සුවිශේෂී වටිනාකමකි.
1934 ඔක්තෝබර් 15 දින ගම්පහ වේයන්ගොඩ දී හේ මෙලොව එළිය දුටුවේය.කලගෙඩිහේන ප්‍රාථමික විද්‍යාලයෙන් මුල් අධ්‍යාපනය ලැබූ දයානන්ද ගුනවර්ධන , උඩුගම්පොළ මධ්‍ය මහා විද්‍යාලයට ඉන් අනතුරුව ඇතුලත් විය.ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ද ඉගෙනුම් ලබා ඇත.
පාසැල් සමයේ සිටම නාට්‍ය පිළිබඳ උනන්දුවක් දැක්වූ දයානන්ද පුදුම හමුවීම නමින් නාට්‍යක් නිෂ්පාදනය කලේය. දයානන්ද ගුනවර්ධන නාට්‍ය වංශාවලියේ මූල බීජය මේ නාට්‍යය යි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමෙන් අනතුරුව දයානන්ද ගුනවර්ධන භූගෝල විද්‍යාව පිළිබඳ උපාධි ලබා ගත්තේ ය.
විශ්ව විද්‍යාලයේ දී ද නාට්‍යකරණය සදහා උනන්දුවක් දැක්වූ ඔහු මහාචාර්ය සරත්චන්ද්‍ර හා ලීන් ලුඩොවික් විසින් කරන ලද සිංහල නාට්‍ය කළාව සම්බන්ධ පරියේක්ෂණ සදහා සහභාගි වූයේ ඉතා උනන්දුවෙනි.
යුදෙව් ජාතික ඔස්ට්‍රියානුවෙකු වන නාට්‍ය නිෂ්පාදක නියුමන් ජුබාල් වෙතින් හේ නාට්‍යකරණය පිළිබඳ හැදෑරීම් කලේය. මේ හේතුවෙන්ම ඔහු විශ්ව විද්‍යාල මිතුරන් අතර ප්‍රචලිත වූයේ ජුබාල් යන ආදරණීය නාමයෙනි.
ගුනවර්ධනයන්ගේ ප්‍රථම රැකියාව වූයේ ගුරු වෘත්තීය යි. කෑගල්ල මහා විද්‍යාලයේ සේවය කල දයානන් ද ගුණවර්ධන මහතා 1961 කොළඹ තර්ටන් විද්‍යාලයට ස්ථාන මාරුවක් ලැබ පැමිණෙන්නේය.
ලංකා ගුවන් විදුලියට අයදුම්පතක් යොමු කිරීමෙන් අනතුරුව ඔහු වැඩසටහන් නිෂ්පාදකයකු ලෙස 1961දී ගුවන් විදුලියට සම්බන්ධ වී තිබේ.
ගුවන් විදුලි නාට්‍ය අංශයේ නාට්‍ය නිෂ්පාදකයකු ලෙස ගුවන් විදුලි වෘත්තීය ජීවිතය ආරම්භ කරන දයානන්ද ගුනවර්ධන සූරීන් සංවිධායක , ජේෂ්ඨ සංවිධායක ලෙස ක්‍රමික උසස්වීම් ලබමින් ගුවන් විදුලියේ ඉංග්‍රීසි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත්වීම් ලබන්නේය .
ගුවන් විදුලි වංශ කතාවේ ගුවන් විදුලි නාට්‍ය යනු තවත් සුවිශේෂී වූ වැඩසටහන් ආකෘතියකි.ඒකාංග නාට්‍ය , මාලා නාට්‍ය , කෙටි කථාව , රහස් පරික්ෂක නාට්‍ය ආදී වශයෙන් ගුවන් විදුලි නාට්‍ය සම්ප්‍රදායේ සුවිශේෂීතා පවතී .
ගුවන් විදුලි රගමඩල , කෙටි කථාව හා බෞද්ධ නාට්‍යය, ඔහු විසින් කල ගුවන් විදුලි නාට්‍ය නිෂ්පාදන වන අතර හේ ගුවන් විදුලියටම අනන්‍යවූ නාට්‍ය ආකෘතියක් වන ගීත නාටක නිෂ්පාදනයේද දක්ෂතා දැක්වූවෙකි.
වේදිකා නාට්‍ය ශේක්ත්‍රයේ දක්ෂතා පෙන්වූ දයානන්ද ගුනවර්ධන සූරීන් අතිශය ජනප්‍රිය වේදිකා නාට්‍ය බොහොමයක නිෂ්පාදකවරයාය.
නරි බෑණා, පිං ගුත්තර,බක් මහ අකුණු , ජසයා සහ ලෙන්චිනා,ඉබි කටුව,ගජමන් පුවත, ආනන්ද ජවනිකා හා මධුර ජවනිකා යනු ඉන් කිහිපයක් පමණි .
ලේඛණකරණයේ ද නියැලුණු දයානන්ද ගුණවර්ධනයන් මූලික සිතියම් විද්‍යාව , සකල කලා වල්ලභ, නරි බෑණා ආදි වශයෙන් වූ පොත් කිහිපයක් ද රචනා කර ඇත.
1993 ජූනි 18 වනිදා හේ වේදිකාවේ සහ ගුවන් ගුවන් විදුලියේ නාට්‍ය රගමඩලින් පමණක් නොව සිය ජීවන රගමඩලින් ද සමුගත්තේ ය.
ඉන්දික ජයරත්න .
No comments:
Post a Comment