Thursday, December 10, 2020

ඩී .ඇම්. කොළඹගේ


දොන් මරතේලිස් කොළඹගේ හෙවත් ඩි.එම්.කොළඹගේ යනු අනූපස් විය සපුරන ජාතික ගුවන් විදුලියේ නොමියන චරිතයකි. කොළඹගේ යනු ජාතික ගුවන් විදුලියේ ප්‍රථම සිංහල නිවේදකයා යි.

හේ 1909 මැයි 04 කොළඹ කිරුලපන දී උපත ලැබීය.ඔහුගේ ප්‍රථම රැකියාව ගුරු වෘත්තීයයි.පුවත්පත් දැන්වීමක ගුවන් විදුලියට සිංහල නිවේදකයකු අවශ්‍ය බවට වූ තොරතුර මත කොළඹගේ මහතා අයදුම්පතක් යොමුකරන ලදි .

1938.ජනවාරි පළමුවෙනිදා කොළඹගේ  මහතා  ගුවන් විදුලියේ සිංහල නිවේදක තනතුරට පත්විය.

එකල ගුවන් විදුලි අන්න්‍යතාවය වූයේ  " කොළඹින් කතා කරමි."(colombo  calling ) යන්නයි.

ගුවන් විදුලි ශ්‍රාවක ප්‍රජාව " කොළඹ මාමා " යන ආදර නාමයෙන් හදුන්වනු ලැබූ කොළඹගේ සූරීන්‍ සිංහල අංශයේ කතා  හා නාට්‍ය සම්පාදක  තනතුරට පත්ව  ඇත .1964 දී හේ සන්ධ්‍යා සේවයේ මුල් තනතුරට පත් විය. 1969 දී කොළඹගේ මහතා ගුවන් විදුලි සේවයෙන් විශ්‍රාම ගන්නා විට වැඩසටහන් අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කලේය.

ගුවන් විදුලියේ ප්‍රථම නිවේදක වූ කොළඹගේ මහතා ලේඛකයකු, නාට්‍ය ශිල්පියකු,චිත්‍රපට නළුවකු වශයෙන් ද දක්ෂතා දක්වා ඇත.

ගුවන් විදුලි අඹර එකලු කල කොළඹගේ සිත්තම වියැකී ගියේ 1987 නොවැම්බර් 23 දාය.

කොළඹගේ සූරීන්ගෙන් ඇරඹි ලාංකේය ගුවන් විදුලි පූරක පරපුර මෙරට ගුවන් විදුලි වංශය පෝෂණය කරන්නේ කොළඹගේ නාමය තවදුරටත් ගුවන් විදුලි ශ්‍රාවක ප්‍රජාවගේ සංනිවේදන අවශ්‍යතා සපුරාලමිනි.

ඉන්දික ජයරත්න .

1 comment:

  1. විශිෂ්ඨ එකතුවක්.. ස්තුතියි

    ReplyDelete