Thursday, December 10, 2020

නිව්ටන් ගුණරත්න

 


ජාතික ගුවන් විදුලිය දනන් තුඩ රැංදූ තවත් අමතක නොවන හඩ මාධුර්‍ය් අතර නොමියෙන හඩක් වන්නේද ඒ  නිව්ටන් ගුණරත්න හඩ මාධුර්‍ය්යි.

1940 දෙසැම්බර් මස 04 වැනි දින මෙලොව එළිය දුටු නිව්ටන් ගුණරත්නයන් ගූවන් විදුලි වංශ කතාව පෝෂණය කල අද්විතීය මාධ්‍යකරුවෙකි.

196 දශකයේ මුල් භාගයේ ලංකා ගුවන් විදුලි දෙපාර්තමේන්තුවට හේ සම්බන්ධ වන්නේ සහන නිවේදකයකු වශයෙනි.  

එවකට ලංකා ගුවන් විදුලි දෙපාර්තමේන්තුවේ සිංහල සේවා අධ්‍යක්ෂ වූයේ  කීර්තිමත් සිවිල් නිලධාරියකු වූ  සහ පසුකලෙක ජනාධිපති ලේකම් ලෙස කටයුතු කල කේ.එච් . ජේ. විජේදාස මහතාය.

ගුවන් විදුලියේ සිංහල සහන නිවේදක හඩ පරීක්ෂණයට නිව්ටන් ගුණරත්නයන්ට  කැදවීම ලැබෙන්නේ කේ.එච්. ජේ. විජේදාස මහතාගේ අත්සනෙනි.

හඩ පරික්ෂණ කිහිපයකින්  පසු හේ ලංකා ගුවන් විදුලියේ සහන නිවේදකයකු ලෙස පත්වීම් ලබන්නේය.

ලංකා ගුවන් විදුලියේ  සහන නිවේදකයකු වූ නිව්ටන් ගුණරත්න ජාතික කිරි මණ්ඩලයේ පූර්ණ කාලීනව රාජකාරි කල අයෙකි.

සහන නිවේදක තනතුර ස්ථීර පත් වීමක් කිරීමේදී හේ මුල් රැකියාවෙන් ඉවත්ව, ගුවන් විදුලි දෙපාර්තමේන්තුවට සම්බන්ධ විය.

සජීව විස්තර කථනයේ  හා වෙළද වැඩසටහන්  කරණයේ සුවිශේෂී දක්ෂතා දැක්වූ නිව්ටන් ගුණරත්නයන් ,  1973 වසරේ මක්කම වන්දනාවේ යන බැතිමතුන් පිරිසක් රැගත් ගුවන්‍ යානය සප්ත කන්‍යා කදු වැටියේ ගැටීමෙන් වූ මහා අනතුර පිළිබඳ සජීව විස්තර කථනය ඉදිරිපත් කලේය.

නිව්ටන් ගුණරත්නයන් ගේ මාධ්‍ය ජීවිතයේ අමතක නොවන අත් දැකීමක් බව වරක් ප්‍රකාශ කලේ ගුවන් අනතුර පිළිබඳව ඔහු කල  විස්තර කථනයයි.

ජාතික ගුවන් විදුලියේ නිවේදකයකු ලෙස මාධ්‍ය  ගමන් මග ආරභ කල හේ ගුවන් විදුලියේ වැඩසටහන් පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් දක්වා ගමන් කලේය.

නිව්ටන්ගුණරත්න මාධ්‍ය මෙහෙවරේ සුවිශේෂී  සටහන වන්නේ 1997 දී  ලංංකේය ගුවන් විදුලි වංශ කතාවට අළුත් ගුවන් විදුලි නාලිකාවක් දායාද කිරීමයි.

ලක් හඩ නිර්මාතෘ වූ නිව්ටන් ගුණරත්න ලංංකේය රූපවාහිනී මහගෙදර ස්වාධීන රූපවාහිනී සේවයේ හිටපු සභාපතිවරයෙකි. ඒ මහතා ජාතික රූපවාහිනීයේ ද හිටපු සභාපතිවරයෙකි.

ගුවන් විදුලියෙන් මාධ්‍ය මෙහෙවර ආරම්භ කල නිව්ටන් ගුණරත්නයන් ලාංකේය මාධ්‍ය දිග්විජය කල ප්‍රතිභාපූර්ණ මාධ්‍යකරුවෙකි. හේ මාධ්‍ය කෙත අස්වැදුවා පමණක් නොව  මාධ්‍යයේ   හෙට දවස  උදෙසා සරු බීජ වැපුරූවෙකි.

95 වසරක ගුවන් විදුලි සරු බිම  පෝෂණය කිරීමට සිය කුසලතාව දායාර්ද කල නිව්ටන් ගුණරත්නයනි චිරං ජයතු !!!! 

ඉන්දික ජයරත්න .

No comments:

Post a Comment