Tuesday, December 15, 2020

වර්නන් කොරයා

 


ලංකේය ගුවන් විදුලි වංශ කථාවේ මූලාරම්භය 1920 දශකය තරම් ඈතට දිව යන්නේය. 1920 ප්රථම වරට ලංකා ගුවන් විදුලි සමාජය ආරම්භ විය. 1925 දෙසැම්බර් 16 වැනිදා නිල වශයෙන් ගුවන් විදුලිය ආරම්භ වූ අතර එම යුගයේ ගුවන් විදුලි ගුවන් කාලයෙන් යම් සැලකිය යුතු ගුවන් කාලයක් ඉංග්රීසි වැඩසටහන් සදහා වෙන් වී තිබේ.
 
යටත් විජිත යුගයේ ලංකා ගුවන් විදුලියේ නිවේදක කටයුතු ඉංග්රීසි ජාතිකයන් මෙන්ම ස්වදේශිකයන් ද සිදුකර තිබේ.
 
අතීත මූලාශ්ර තොරතුරු වලට අනුව මුල් යුගයේ සිංහල , දෙමළ සහ ඉංග්රීසි භාෂා මාධ්යන්ට අදාල සියලු වැඩසටහන් එකම නාලිකාවක ප්රචාරය වී ඇත්තේ ය.
 
එවන් පසුබිමක ලංකේය ගුවන් විදුලි සංනිවේදනයේ මුල් යුගයේ කටයුතු කල ප්රකට ඉංග්රීසි නිවේදකයෙක් ලෙස වර්නන් කොරයා හැදින් විය හැක.
 
1927 සැප්තැම්බර් මාසයේ මීගමුව කුරනදී වර්නන් කොරය උපත් ලබීය . හේ කොළඹ රාජකීය විද්යාලයේ කීර්තිමත් ආදී ශිෂයෙකි. වර්නන් කොරයා මහතා ගුවන් විදුලියට සම්බන්ධ වන්නේ1950 දී පමණ ය.
 
ඉංග්රීසි වැඩසටහන් සම්පාදකයෙක් හා නිවේදකයෙක් ලෙස කටයුතු කරන කොරයා මහතා එකල අතිශය ජනප්රිය වැඩසටහන් ගණනාවක් ඉදිරිපත් කර ඇති බව අතීත තොරතුරු මූලාශ්ර හෙලිදරව් කරයි. වර්නන් කොරයා1950 පමණ කාලයේ ලංකා ගුවන් විදුලියට සම්න්ධ වනවිට ගුවන් විදුලියේ මූළු කාර්ය මණ්ඩල සාමාජික සංඛ්යාව 50 කට නොඅඩු ප්රමාණයක් ව ඇත.
 
ඉංග්රීසි අංශයේ නිෂ්පාදන හා නිවේදන කටයුතුවල නිරත වූ වර්නන් කොරයා මහතා එම යුගයේ ගුවන් විදුලියේ ජනප්රිය ඉංග්රීසි නිවේදකයෙකි.
 
ලංකා ගුවන් විදුලියේ දේශීය ඉංග්රීසි අසන්නට අමතරව ආසියානු ගුවන් විදුලියේ ඉංග්රීසි සේවයේ ද නිවේදක කටයුතු කර ඇති වර්නන් කොරයා මහතා ආසියානු ඉංග්රීසි ශ්රාවක ප්රජාව අතර ද අතිශය ජනප්රිය ඉංග්රීසි නිවේදකයකු වූ බව සදහන් වේ.
 
ලාංකේය ගුවන් විදුලි වංශ කතාවේ ගුණාත්මක හා ඉහල වින්දනාත්මක ඉංග්රීසි ගුවන් විදුලි සේවාවක් වෙනුවෙන් වර්නන් කොරයා මහතාගේ සංනිවේදන මෙහෙවර අගය කල යුතුය.
 
ඉන්දික ජයරත්න

2 comments:

  1. Spinning Stone for Spinners (Titanium) - Titanium Arts
    Spinners Spinners, a Spinners stone for men\'s titanium wedding bands Spinners (Titanium). Made with Titanium, titanium max trimmer this Spinners stone is a spinners stone. ford escape titanium 2021 Spinners Spinners stones titanium hip have a $3.95 titanium piercings · ‎In stock

    ReplyDelete
  2. Casinos In Dubai - Airport Review & Hotels - Air
    Book a where to find air jordan 18 retro racer blue Flight or how to order air jordan 18 retro toro mens sneakers Flight On air jordan 18 retro racer blue good site Airfare & Book Direct air jordan 18 retro yellow sale In Dubai (Tif) with Airjet Radar, Free Shipping or Book Direct Direct On Airfare and Book Direct In where to buy air jordan 18 stockx Dubai.

    ReplyDelete