Thursday, December 10, 2020

තේවිස් ගුරුගේ

 


ලාංකේය ගුවන් විදුලි වංශ කතාවේ දෙවැනි පූරක භූමිකාව හෙවත් ලංකා ගුවන් විදුලි සේවයේ දෙවැනි සිංහල නිවේදකයා වීමේ වාසනාව ලද්දා තේවිස් ගුරුගේ ය.

1923 මාර්තු 23 මාතර කොටවිල දී උපත ලද හේ , කොටවිල මිශ්‍ර පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබීය. පසුව ගුරුගේ මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට ඇතුලත් විය.

ගුවන් විදුලියට සිංහල නිවේදකයින් බදවා ගැනීම  සදහා වූ පුවත්පත් දැන්වීමකට  අනුව ගුරුගේ මහතා නිවේදක තනතුර සදහා අයදුම්පතක් යොමු කලේය.

එකල ගුවන් විදුලිය " කොළඹ ගුවන් විදුලිය  " ලෙස  හැදින්වීය. ගුවන් විදුලියේ ප්‍රථම නිවේදක ඩී.ඇම්. කොළඹගේ මහතා , තේවිස් ගුරුගේ මහතාව  ගුවන් විදුලියේ මැදිරියක් වෙත කැදවා මයික්‍රපෝනයක් අතට දී නිවේදක පරීක්ෂණ මණ්ඩලය හමුවට යොමු කලේය .

සම්මුඛ පරික්ෂණයෙන් දින තුනකින් අනතුරුව නිවේදක  තනතුර  භාරගන්නා ලෙස දන්වා ඔහුට ලංකා ගුවන් විදුලිය වෙතින් ලියක් ලැබුණි.

ඒ අනුව 1943 ජූලි 22 තේවිස් ගුරුගේ ගුවන් විදුලිට එක්විය . 1950 දී ගුවන් විදුලිය වෙනම දෙපාර්තමේන්තුවක් වීමෙන් අනතුරුව හේ සිංහල අංශයේ සංවිධායක විය.

පුරා වසර 40ක් ගුවන් විදුලියේ සේවය කල ගුරුගේ මහතා 1983 මාර්තු 23 දින සේවයෙන් සමුගත්තේ ය. නිවේදකයකු ලෙස කටයුතු කිරීමෙන් ලද ආත්මතෘප්තිය පිළිබඳව වරක් ගූරුගේ මහතා ප්‍රකාශ කලේ "නිවේදකයකු  ලෙස කටයුතු කිරීමෙන් ලැබෙන රසාස්වාස්දය වෙනත් රැකියාවකින් නොලැබෙන බවයි" .

කම්කරු පැය , විසිපැන, විනාඩියක් පමණයි  ,  මාසික රැගුම , ශාස්ත්‍රීය සංග්‍රහය යනු තේවිස් ගුරුගේ හදුන්වා දුන් ගුවන් විදුලි වැඩසටහන් ය. ශාස්ත්‍රීය සංග්‍රහය ඉදිරිපත් කල සුවිශේෂී චරිතය නම් මහාචාර්ය සරච්චන්ද්‍රයන්ය.

හේ 1971 සිංහල සේවයේ අධ්‍යක්ෂ ලෙස පත්විය. ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා ආරම්භ කිරීමේදී ද තේවිස් ගුරුගේ මහතා ප්‍රමුඛ කාර්‍යභාරයක් කලේය .

ගුවන් විදුලියේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් ලෙස ද කටයුතු කර ඇති තේවිස් ගුරුගේ මහතා 1989 ජූලි 23දින  නොහදුනන තුවක්කුකරුවකුගේ වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත් විය.

ජාතික ගුවන් විදුලිය මෙරට ග්‍රාහක ප්‍රජාව අතර ඉහලින් ඔසවා තැබීමට තේවිස් ගුරුගේ සූරීන්ගෙන් සිදුවූ මෙහෙවර ජාතික ගුවන් විදුලිය අනූපස්වන වියට පා ඔසවන මේ මොහොතේ කෘතවේදිව සිහිපත් කරමු.

ඉන්දික ජයරත්න

No comments:

Post a Comment