Friday, December 11, 2020

මහින්ද අල්ගම


" රුක් අත්තන මල මුදුනේ  ...... "

" චන්ද්‍රමඩුලු යට සුරංගනාවියක්..... "

" හැර තබන්න කවුළුව මගේ නිවසේ....."

 " හූණු සාස්තරේ......."

මේ ජාතික ගුවන් විදුලිය එක් යුගයක් එකළු කල අපූරු මිනිසෙක් අතින් ලියැවුණු අතිශය ජනප්‍රිය ගේය පද රචනා කිහිපයක්.

හේ සිය ජීවිත කාලය තුල ගීත අටසීයක් පමණ ලියා තිබෙන බව මේ ලියුම්කරු සමහ පවසා තිබේ.

ළමා පිටියේ ළමා ශිල්පීන් අතර සේම,එදා මෙදා  තුර ළමා පිටිය ශ්‍රවනක කළ දරුවන් අතර ද අතිශය ජනප්‍රිය වූ සිරි අයියා , කරු අයියා සේම  70 දශකයේ පමණ සිට ළමා පිටියේ ළමා ශිල්පීන් අතර පමණක් නොව, ළමා පිටිය  ශ්‍රවණය කල දරුවන් අතර හේ ජනප්‍රිය වූයේ මහින්ද මාමා යනුවෙනි.

හේ අන් කවරෙක්වත්  නොව මහින්ද අල්ගමයන් ය. සිංහල ඉංග්‍රීසි ද්වී භාෂාවේ ප්‍රවීණයකු වූ මහින්ද අල්ගම ලංකේය ගුවන් විදුලි වංශ කතාවට අංකුර මාධ්‍යවේදීන් අතිවිශාල පිරිසක් දායාද කල මාධ්‍ය ගුරුවරයෙකි. 

අද ලාංකේය මාධ්‍ය මෙහෙවර ඔපවත් කරන බොහෝ පිරිසක් මාධ්‍ය අත පොත තබා ඇත්තේ  මහින්ද අල්ගම මහතාගේ ළමා පිටියෙනි.

සරස්වති මණ්ඩපය , සමනළ ලන්ද , ළමා නාට්‍ය ආදි වැඩසටහන් මහින්ද අල්ගමයන් නිෂ්පාදනය කර තිබේ.

එක් යුගයක ගුවන් විදුලියේ අතිශය ජනප්‍රිය ළමා නාට්‍යක් වූ ලන්දේසි දූපත නාට්‍ය නිෂ්පාදනය කලේ මහින්ද අල්ගම සූරීන්‍ ය.

හේ කලක් ලාංකේය  ගුවන් විදුලි වංශ කතාවේ පමණ නොව ආසියානු ගුවන් විදුලි වංශ කතාවේ ද දීර්ඝතම මාලා නාට්‍ය වූ මුවන්පැලැස්ස නාට්‍යයේ නිෂ්පාදක ලෙස කටයුතු කලේය.

මධුවන්ති , යනු එක්  යුගයක් ජනප්‍රිය සංගීත වැඩසටහනකි . එහි නිෂ්පාදනක ද  මහින්ද අල්ගමයන්ය.  

විශ්ව ශ්‍රවණී , අරුණුවලා යට  යනු මහින්ද අල්ගම  නිෂ්පාදනය කල තවත් වටිනා විචිත්‍රාංගන්‍ ය. ලාංකේය ගුවන් විදුලි වංශ කතාවේ ජේෂ්ඨ පූරකයකු වූ කරුනාරත්න අබේසේකර මහින්ද අල්ගම මහතාගේ මාධ්‍ය ගුරුවරයා ය.

හේ මාධ්‍යට අත් පොත් තබන්නේ කරු අය්යාගේ ළමා පිටියෙනි. ගුවන් විදුලි මාධ්‍ය රැකියාවෙන් විශ්‍රාම ගියද හේ ජීවිතයෙන් සමු ගන්නා තුරුම ගුවන් විදුලි ළමා පිටිය ඇතුළු ළමා වැඩසටහන් සම්පාදක කාර්‍ය්‍යෙන් සමුගැනිමට ගුවන් විදුලි බලධාරීන් අවසර නොදුන්හ. ඒ ඔහුගෙව් නිර්මාණාත්මක හැකියාව තවදුරටත් ගුවන් විදුලිට ලබා ගැනීමට අවැසි නිසාවෙනි.

2014 වසරේ පෙබරවාරි 15 වැනිදා මහින්ද අල්ගම සූරීන්‍ අප අතුරින් වියෝ විය.

ඉන්දික ජයරත්න

No comments:

Post a Comment