Monday, December 14, 2020

ස්වර්ණ ශ්‍රි බණ්ඩාර

 


ලාංකේය ගුවන් විදුලි සරු කෙත සශ්‍රීක කල හේ නමින් ස්වර්ණ ශ්‍රි බණ්ඩාරය. 1940 අගෝස්තු මස 02 වැනි දින උපත ලැබීය.හලාවත කන්‍යාරාමයේ මූලික අධ්‍යාපන ය ලබන ස්වර්ණ ශ්‍රි  ද්වීතිය අධ්‍යාපනය ලබන්නේ කොළඹ නාලන්දා විද්‍යාලයෙනි .

කොළඹ ආයුර්වේද වෛද්‍ය විද්‍යාලයට ඇතුලත් වන ස්වර්ණ ශ්‍රි ,   පාලි, සංස්කෘත , ඉංග්‍රීසි යන පෙර - අපර දෙදිග භාෂා පිළිබඳ ප්‍රාමාණික උගතෙකි.

වයස අවුරුදු 11 දී කුඩා ස්වර්ණ ශ්‍රි ගුවන් විදුලියට සම්බන්ධ වන්නේ කරුනාරත්න අබේසේකරන්ගේ ළමා පිටියේ ළමා ශිල්පියකු වශයෙනි. පාසැල් වියේ සිටම සාහිත්‍ය  නිර්මාණකරණයට දක්ෂතා දැක්වූ ඔහු 1955 දී ළමා පිටියට රචනා කල " වංගෙඩි කකුල " නම් නාට්‍ය එම වසරේ හොඳම ගුවන් විදුලි නාට්‍ය ලෙස සම්මාන ලැබීය.

1979  අප්‍රේල් 12 වැනිදා හේ ගුවන් විදුලියට සම්බන්ධ විය. රජරට ප්‍රාදේශීය ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදකයකු වන ස්වර්ණ ශ්‍රි බණ්ඩාර ලාංකේය ප්‍රාදේශීය සේවා ගුවන් විදුලි වංශ කතාව ඔපවත් කල අපූරු මාධ්‍යකරුවෙකි.

නාට්‍ය පිටපත් රචනය , ගේය පද රචනය හා වැඩසටහන් ඉදිරිපත් කිරීම ආදී විවිධ පැතිකඩ ඔස්සේ සිය හැකියාවන් ප්‍රදර්ශන කල ස්වර්ණ ශ්‍රි බණ්ඩාර ඉදිරිපත් කල වැඩසටහන් අතුරින් පිලේ පැදුරු වැඩසටහනට හිමිවන්නේ අද්විතීය ස්ථානයකි.

ඈත එපිට හත් කෝරළයේ වැව් ගම්මාන වල ජන ජීවිතයට පමණක් නොව විසල් මහා මංදිරවල රාජරාජ මහමාත්‍යවරුන්ගේ ද දැනුම් පොෂණයට ,  රස භාවයන් උද්දීපනයට බණ්ඩාරයන්ගේ පිලේ පැදුරු වැඩසටහනට ඉවහල් විය.

සංහිද , සම්භාෂා , එක්තැන් සවිය , නිර්මාණි , රචනා මුළුව , වන සරණ යනු ස්වර්ණ ශ්‍රි බණ්ඩාර සූරීන් රජරට සේවය වෙනුවෙන් නිෂ්පාදනය කල වැඩසටහන්ය.

රජරට ජනජීවිතයේ නොපෙනෙන පැතිකඩ හා එම ජනජීවිත වල දුෂ්කරතා විවෘතව සාකච්ඡා කල පිලේ පැදුර  වැඩසටහන  අද ද මාධ්‍ය විෂය හදාරන්නන් සහ මාධ්‍ය ප්‍රාමාණිකයන් සාකච්ඡා කරන්නේ එහි වූ   ජීවගුණය නිසාය.

ජාතික නාලිකාවක  කාර්‍යභාරට ද පූර්වාදර්ශ සපයමින් රජරට ගුවන් විදුලිය නිර්මාණකරණයෙන් ඉහලය එසවූ ස්වර්ණ ශ්‍රි බණ්ඩාරයෝ ලාංකේය ගුවන් විදුලි වංශ කතාව එකළු කල තවත් අපූරු මාධ්‍ය පූර්වජයෙක් වන්නාහ.

ඉන්දික ජයරත්න .

No comments:

Post a Comment