Friday, December 11, 2020

ගී අමධාරා සහ රවිලාල් විමලධර්ම - තරංගිණි


මා විසින් නිෂ්පාදනය කරන "තරංගිණි" ප‍්‍රණීතාංගයේ මෙවර කතා නායකයා රවිලාල් විමලධර්මයන්ය. ඒ විසිතුර ඔබට පිරිණමන්නට පූර්වෝක්ති කථනය කළෝ සුජීව සමන්කාන්ත මානගේ සොයුරාය.  

එය අසා විමලධර්මයන් ඔබ මනසේ මවා ගන්න.

විටෙක (All Asia Hindi Service) සමස්‌ත ආසියානු ගුවන් විදුලි සේවයේ ගාම්භීර ප්‍රවෘත්ති නිවේදකයෙක්‌ වූ රවිලාල් විමලධර්ම මහතා තවත් විටෙක ස්‌වදේශීය සේවයේ සරල ප්‍රාසාංගික පූරකයෙක්‌ විය.

අතීතයේදී 'ගී අමධාරා' වැනි වැඩසටහන් ළගන්නා සුලු අයුරින් ඉතාමත් දක්ෂ ලෙස ඉදිරිපත් කළ හින්දී භාෂාව පිළිබඳ විද්වතකු වූ දිවංගත රවිලාල් විමලධර්ම මහතා ලාංකේය සහෘද ජන හදෙහි අමරණීය ලෙස ලැගුම් ගෙන සිටිති. අදටත් එතුමාගේ රසිකයන් එතුමාව සිහියට නගන්නේ හින්දී ගීතයේ ඇති රස මුසු තැන් අරුත් බර ලෙස හදට දැනවූ සොඳුරුතම මිනිසා ලෙසිනි.

මෙරට පහළ වූ විශිෂ්ටතම හින්දි භාෂා විද්වතකු මෙන්ම විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙකු ලෙස ප්‍රකටව සිටි රවිලාල් විමලධර්ම ගුවන් විදුලි ක්ෂේත්‍රය තුළින්ද හින්දි භාෂාව ජනතාව අතරට රැගෙන යාම සඳහා පුරෝගාමී මෙහෙයක් ඉටු කළේය. 1930 මැයි මස 13 වැනිදා උපන් රවිලාල් විමලධර්ම කලක් සංස්කෘතික දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙසද සේවය කළේය.

එවකට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්‌ථාවේ ස්‌වදේශීය සේවය තුළින් වසර ගණනාවක්‌ අඛණ්‌ඩවම ඒ මහතා විසින් ඉදිරිපත් කරන ලද "සප්ත රංග" සහ "ගී අමධාරා" වැනි භාවපූර්ණ සංගීතමය වැඩසටහන් ශ්‍රාවකයන් අතර බෙහෙවින්ම ජනප්‍රිය විය. උත්තර භාරතීය සලරූවල සටහන් වූ අමරණීය සුමධුර ගායනා එදා ශ්‍රාවක දෙසවන් ආදරයෙන් වැළඳ ගත්තේ ඒ ගායනා තුළ වූ රසාලිප්ත බවත් ඒ මහතා එම ගීතාවලිය ශ්‍රාවකයන් වෙත ගුවනින් පිරිනැමූ ප්‍රාසාංගික ආකාරයත් නිසා බව අපි විශ්වාස කරමු. හින්දි භාෂාවේ සියුමැලි මටසිළුටු බව සහ අරුත්බර බව රසික හදපතුළටම කා වදින අයුරින් සනිටුහන් කිරීම සඳහා ඔහු විසින් භාවිත කරන ලද, පෑසරණිය ඉතා සරලය. සුගමය, නමුත් ව්‍යක්‌තය.

 ඉඳුනිල් ජයවර්ධන

No comments:

Post a Comment