Monday, December 21, 2020

මහගම සේකර

 


ගීතය , කවිය , නවකතාව , කෙටි කථාව, චිත්‍ර කළාව   හා සිනමාව ඇතුළු  කලා ශේක්ත්‍රවල විස්කම් පෑ හේ වචනාර්ථයෙන්ම සකල කළාවටම අධිපති  සරසවි දෙවගනගේ අපූරු නිමවුමක් යැයි කිවහොත් නිවරදි ය. 

ඔහු නමින් මහගම සේකර නම් වේ. 1929 අප්‍රේල් 07 දින ගම්පහ දොම්පේ මගගම දී උපන් සේකර මූලික අධ්‍යාපනය ලබන්නේ  කිරිදිවැල මහා විද්‍යාලයෙනි.

කුඩා කල සිටම කළා කටයුතු වලට  දැක්වූ සේකර දැක්වූ  මේ අපූරු දක්ෂතාවය පෙර සසර පුරුද්දක් වැනිය.කෙනෙකුගේ ගුරුහරුකම්, ඉගැන්වීම් වලින් තොරව  සේකර කළා නිර්මාණකරණය සදහා දැක්වූ දක්ෂතාවය විශ්මය ජනකය.

මහගම සේකර ලංකා ගුවන් විදුලියට සම්බන්ධ වන්නේ  සංගීත අංශයේ නිබන්ධන සම්පාදකයෙක් ලෙස ය.  ඒ 1950 දශකය අගභාගයේදී ය. ලංකා ගුවන් විදුලියේ සංගීත අංශය දේශීය සංගීත නිර්මාණ බොහොමයක් සිදුකල මේ යුගයේ දී සේකර   සිය පන්හිදෙන් බොහෝ ගීත නිර්මාණ මෙන්ම ලංකා ගුවන් විදුලියට ම අනන්‍ය වූ වැඩසටහන් ප්‍රබේධයක් වන ගීත නාටක බොහොමයක් රචනා කලේය.

මහගම සේකර රජයේ ලලිත කලා විද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස පත්වීමෙන් අනතුරුව ලංකා ගුවන් විදුලිය ට සමුදෙන්නේ 1964 දීය.

සේකරයෝ  වයස අවුරුදු 47ක් තරම් වූ කෙටි ජීවිත කාලය තුල ලාංකේය කළා කෙත පෝෂණය කිරීමට මාහැඟි මෙහෙවරක් කල අව්‍යාජ කළාකරුවෙක් වන්නාහ.

සේකර රජයේ ලලින් කලා විද්‍යාලයේ විදුහල්පති ලෙසද කටයුතු කර තිබේ . සේකරගේ කාව්‍ය නිර්මාණ අතර සක්වාලිහිණි , බෝඩිම,ප්‍රබුද්ධ ,නොමියෙමි ආදිය දැක්විය හැක.

සේකරගේ අතිශය ජනප්‍රිය නවකතාවකි,  තුංමං හන්දිය .  කෙටි කතා අතර පීතර , පුතාට කාර් එකක් , පුන්‍යා ආදිය සදහන් කල හැක.

තුංමං හන්දිය ඔහුගේ නවකතාව ඇසුරින් නිශ්පාදිත චිත්‍රපටයකි.

මේරට කළාකෙත පෝෂණය කල මහගම සේකරයන් සිය ජීවන ගමන 1976 ජනවාරි 14 වැනිදා නිමා කලේය . ඒවන විට ඔහුගේ වයස අවුරුදු 47 කි.

ඉන්දික ජයරත්න 

3 comments:

  1. Or notice a sample within the spins and predict the ball hits. Many on-line roulette strategies corresponding to Martingale, Fibonacci, and Labouchere can supposedly decrease the house edge or even beat the algorithm. This is an internet roulette variant might be} performed on extensive range|a variety} of slot sport web sites. In essence, it’s very similar to|similar to} regular roulette, but as a substitute of a single ball spinning round a wheel, you get 코인카지노 two.

    ReplyDelete
  2. Having a reliable way to stay connected and entertained matters whether it is through radio or a solid betting app on your phone. I grabbed the melbet apps on my Android and it was free and installed in seconds, giving me access to pre-match and live sports betting plus plenty of other games right from the home screen. The app runs smooth, odds update fast, and I can place bets on cricket and football without ever needing to open a browser, which is perfect for busy days.

    ReplyDelete